11
41

Assassin'S Creed 1

නිකුත් කල වර්ෂය-2007
3.029 Votes

Release

  • වර්ෂය :2007
  • Developer: Ubisoft Montreal
  • Publisher:Ubisoft
  • Engine:Scimitar
  • Genre:Third Person Adventure
  • Mode:Singleplayer Only
  • Platform:PC-Windows Only
  • Rating: 2.5 / 291 times

Assassin'S Creed Series

Assassin'S Creed 01 & Relese Release 🔹ලෝකයේ දැනට Release වෙලා තියෙන ගේම් Series අතරින් විශිෂ්ටතම වගේම ජනප්‍රියතම ගේම් Series එකක් තමයි Assassin'S Creed කියන්නේ. ඒ වගේම ලෝකයේ වැඩිම ආදායමක් ලබපු ගේම් Series එකක් විදිහටත් මේ Assassin'S Creed Series එක හඳුන්වන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ හුඟක් අය ඉතිහාසය පෙලපොතෙන් ලෝක ඉතිහාසය ගැන දැන ගනිද්දී සමහරක් අය ලෝක ඉතිහාසය ගැන ඉගෙන ගත්තේ මේ ගේම් Series එකෙන් කියලා කිව්වොත් ඒක වැරදි නෑ. Release 🔸Assassin'S Creed Series එකේ පලවෙනි කතාංගය විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. ඇත්තටම Open World ගේම් Series එකක් විදිහට GTA Series එක ලබපු සාර්ථකත්වය දැකලා තමයි මේ ගේම් එක Open World ගේම් එකක් විදිහට හදන්න ඕනේ කියලා Ubisoft එක තීරණය කලේ. 🔹ඒ වෙද්දි නිකුත් වෙලා තිබුනු Open World ගේම්ස් වල නොතිබුණු අලුත් දේවල් හුඟක් එක්ක, ක්‍රීඩකයාට නවමු අත්දැකීමක් සහිතව තමයි මේ ගේම් එක Release වුනේ. උදාහරණයක් විදිහට Eagle Vision කිව්වම ගේම් ගහන හුඟක් අයට මතක් වෙන්නේ Assassin'S Creed Series එක. මේ ගේම් එක ඉස්සෙල්ලම Release වුනේ Playstation සහ XBOX වලට. 2008 වර්ෂයේදී තමයි PC වලට Release වුනේ. Gameplay 🔸මේ ගේම් එකේ Multiplayer Mode එකක් තිබුනේ නෑ. ඒ වගේම Gameplay එකේ හුඟක් Movements තිබුනේ Parkour Style එකෙන්. ... Story, Characters & Places 🔹වෙනස්ම විදිහේ Story එකක් තමයි මේ ගේම් එකේ තිබුනේ. මේ ගේම් එකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමයි Desmond Miles. අනිත් එක්කෙනා තමයි Desmond ගේ ආදි මුතුන් මිත්තෙකු වුනු Altair Ibn-Laahad. 🔸ශුද්ධවූ දේශය ආශ්‍රිතව සිදුවන්නාවූ ක්‍රියාකාරකම් ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක නිර්මාණය කරලා තිබුනේ. ඒ වගේම ක්‍රි.ව.1191දී තිබුනු ඊශ්‍රායලය, පලස්තීනය හා සිරියාව ඇසුරින් තමයි මේ ගේම් එකේ Map එක හදලා තිබුනේ. ඒ කියන්නේ තුන්වෙනි කුරුස යුද්ධය තිබුනු කාලය. 🔹Abstergo Industries නම් ආයතනය විසින් Desmond Miles ව පැහැරගෙන යනවා. ඉන්පසු  Animus නැමැති යන්ත්‍රය තුලින් ඔහුගේ මුතුන් මිත්තෙකු වුනු Altair සමඟ ඔහුගේ මනස සම්බන්ධ කරනවා. එම Altair විසින් අතීතයේ දී  සිදුකලාවූ වික්‍රමාන්විත ක්‍රියාදාමයන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Gameplay එක නිර්මාණය කරලා තිබුනේ. 🔸Pieces Of Eden නැමැති පුරාණ ආගමික මෙවලම් වලින් එකක් වුනු Apple OF Eden නැමැති පුරාණ මෙවලමක් සොයා යන ගමනේදී Altair ගේ ප්‍රධාන සතුරන් වෙන්නේ Templar Order නම් කණ්ඩායම යි. Altair ගේ කණ්ඩායම වුනු Assassin Brotherhood කණ්ඩායමේ නායකයා විසින් ඔහුට පෙන්වන සතුරු නායකයින් නව දෙනෙකු මරා දැමීම හරහා Altair විසින් එම පුරාණ මෙවලම සොයගන්නා ආකාරය පිලිබඳ ව තමයි මේ ගේම් එකේ තියෙන්නේ. 🔹ඇත්තටම මේ Story එක Prince Of Persia Series එකේ කතාංගයක් විදිහට හදන්න තමයි Ubisoft එක ඉස්සෙල්ලම ඉදලා තියෙන්නේ. පස්සේ තමයි මේ Story එක වෙනම ගේම් එකක් විදිහට Release කරන්න ඕනේ කියලා Ubisoft එක තීරණය කලේ. Special Facts 🔸මේ ගේම් එකේ PC Version එක PS සහ XBOX Versions වලට වඩා ටිකක් විශේෂයි. මොකද PS සහ XBOX Versions වල නොතිබුණු Bonus Mission Types 4ක් PC Version එකට එකතු කරලා තිබුනා. Archer Assassination, Rooftop Race Challenge, Merchant Destruction Challenge සහ Escort Challenge කියන Mission Types තමයි PC Version එකට අලුතින් එකතු කරලා තිබුනේ. Sales & Awards 🔹අලෙවිය අතින් එක්සත් රාජධානිය තුල Call Of Duty : Modern Warfare 1 ගේම් එක පවා අභිබවා යන්නට මේ ගේම් එක සමත් වුණා. 2009 වර්ෂය වන විට ලෝකය පුරා මේ ගේම් එකේ Original Copies මිලියන 08 ක් අලෙවි වෙලා තිබුනා. අලෙවි වී තිබූ Copies අතරින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් XBOX Version එකේ Copies බව තමයි සඳහන් වෙලා තිබුනේ. 🔸Best Action Game, Best Adventure Game, PS3 Game of the Year, Best Graphics ඇතුළු අන්තර්ජාතික සම්මාන රාශියකින් පිදුම් ලබන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. එමෙන්ම එක්සත් රාජධානියේ ELSPA සංවිධානය විසින් අලෙවිය වෙනුවෙන් පිරිනමන Platinum සම්මානයෙන් පිදුම් ලබන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා.

Parents Guide

    System Requirements

  • 🔸Processor Core 2 Duo 2.2 GHZ
  • 🔹Ram 2 GB
  • 🔹VGA Geforce 6800 256 MB
  • 🔹Sound Card Direct X 9.0C
  • 🔹OS Windows 7
  • 🔹Space 8 GB
  • Platform:PC Only [ Windows]
  • Rating: 17 / 232 times

  • Parents Guide

    • No Sexual Contents
    • IMDb Rating - 15+ [ Blood & Violence ] [ Strong Language ]
    • ESRB Rating - 17+ [ Blood & Violence ] [ Strong Language ]
      [ Strong Language ]
    • SL Gamehub Rating - 13+

Reviews