Release
Call Of Duty Series
Call Of Duty Series & Relese 🔹දැනට ලෝකයේ තියෙන විශිෂ්ටතම වගේම ජනප්‍රියතම Gaming Series එකක් තමයි Call Of Duty කියන්නේ. ඇත්තටම මේ Call Of Duty Series එක තමයි අපි හැමෝම වගේ Play කරන Gaming Series වලින් ලෝකයේ වැඩිම ආදායමක් ලබා ගත්තු Gaming Series එක වෙන්නෙත්. Release 🔸COD Series එකේ පලවෙනි ප්‍රධාන කතාංගය විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. මේ ගේම් එක ඉස්සෙල්ලම Release වුනේ PC වලට. ඊට පස්සේ තමයි PS3 වලට සහ XBOX 360 වලට Release වුනේ. Medal Of Honor ගේම් Series එකට සමාන Gameplay එකක් සහිතව තමයි මේ ගේම් එක Release වුනේ. ඒ මොකද කිව්වොත් Medal Of Honor ගේම් Series එක හදන්න සම්බන්ධ වුනු හුඟක් දෙනෙක් මේ Call Of Duty ගේම් එක හදන්නත් සම්බන්ධ වුණා. Story, Characters & Location 🔹දෙවන ලෝක යුද්ධය ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගේම් එකේ Story එක British Campaign, American Campaign සහ Soviet Campaign කියලා ප්‍රධාන කොටස් තුනකට වෙන් කරලා තිබුනා. 🔸British Campaign එකේ ප්‍රධාන චරිතය වෙන්නේ බ්‍රිතාන්‍ය සැරයන් Jack Evans. American Campaign එකේ ප්‍රධාන චරිතය වෙන්නේ ඇමරිකානු සාමාන්‍ය සෙබල Martin. Soviet Campaign එකේ ප්‍රධාන චරිතය වෙන්නේ සෝවියට් කෝප්‍රල් Alexei Ivanovich Voronin. 🔹COD Modern Warfare Series එකේ ඉන්න Captain John Price ගේ සීයා වුනු Senior Captain Price ව මේ ගේම් එකේ British Campaign එකේදි ඔයාලට දැක ගන්න පුළුවන්. ... Gameplay 🔸ඒ දවස්වල තිබුන හොඳම Multiplayer Games වලින් එකක් තමයි මේ ගේම් එක. අනිත් එක මේ වෙනකොට ලෝකයේ හදලා තිබුනු හුඟක් FPS Games හදලා තිබුනේ Lone Wolf ආකෘතියට අනුව. ඒ කියන්නෙ ක්‍රීඩකයාට Singleplayer Campaign එක Play කරන්න තියෙන්නේ තනියම, වෙන Characters වල උදව්වක් නැතුව. ඒත් මේ ගේම් එක Lone Wolf ආකෘතියෙන් මිදිලා Squad Based Gameplay එකක් සහිතව තමයි Release වුනේ. 🔹දැන් එන COD ගේම්ස් වල තියෙනවා වගේ Checkpoint Save System එකක් නෙමෙයි මේ ගේම් එකේ තියෙන්නේ. ක්‍රීඩකයාට කැමති තැනකින් ගේම් එක Save කිරීමේ අවස්තාව මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. 🔸Iron Sights සහ Shell Shock වගේ දේවල් පලවෙනියටම Use කරපු ගේම් එකක් තමයි මේ ගේම් එක. ඉතා ආසන්නයෙන් බෝම්බයක් වගේ දෙයක් පිපිරුනාම Screen එක බොඳ වෙලා කිසිම Movement එකක් කරන්න බැරුව යන එකට තමයි Shell Shock කියන්නේ. ඒ වගේම මේ ගේම් එකේ Enemy AI එක සහ Ally AI එක ඉතා උසස් තත්වයෙන් තමයි නිර්මාණය කරලා තිබුනේ. Cost 🔹මේ ගේම් එක හදන්න Infinity Ward එකට ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක මුදලක් වියදම් වෙලා තිබුනා. Sales & Awards 🔸2013 වර්ෂය වෙද්දි මේ ගේම් එකේ Original Copies ලක්ෂ 45ක් අලෙවි වෙලා තිබුනා. Game of the Year, Pc Game of the Year, FPS Game of the Year, Best Selling Game, Shooter of the Year, Best Sound ඇතුළු අන්තර්ජාතික සම්මාන රාශියකින් මේ ගේම් එක පිදුම් ලැබුවා. ඒ වගේම මේ ගේම් එක නිසා Best Studio සම්මානයෙන් පිදුම් ලබන්නත් Infinity Ward එකට අවස්තාව ලැබුණා.