Release
Crysis Series
Crysis Series & Relese Release Best In The World 🔹පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ ලොකු වෙනසක් කරපු අතිවිශිෂ්ට නිර්මාණයක් තමයි Crysis 01 කියන්නේ. Gaming Graphics වල අද්විතීය සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නටත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒ වගේම PC වල Quality එක සහ Performance මනින මිම්මක් විදිහටත් මේ ගේම් එක ඒ දවස්වල භාවිතා වුනා. 🔸2007 වර්ෂය වනවිට ලෝකයේ තිබුනු හොඳම ගේම්ස් වලින් එකක් වුනු මේ ගේම් එක Play කරන්න Advanced PC එකක් ඕන වුණා. ඇත්තටම මේ ගේම් එක Release වුනු දවස්වල බටහිර රටවල්වල හුඟක් දෙනෙක් PC එකක් ගන්න කලින් අලෙවිකරුගෙන් අහපු දෙයක් තමයි "Can It Run Crysis?" කියන ප්‍රශ්නය. Gaming PC Category එක ප්‍රසිද්ධ වෙන්න ලොකු කාර්යභාරයක් ඉටුකරපු ගේම් එකක් තමයි Crysis කියන්නේ. PC ගේම්ස් වල Quality එක අලුත්ම Level එකකට ගෙන එන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. 🔹ඒ වගේම මේ ගේම් එක Halo 02 ගේම් එකට වඩා හොඳයි කියලා IGN එකෙන් සඳහන් කරලා තිබුනා. මෙවැනි හේතු නිසා Halo Series එක එක්ක කරට කර සටනක් දෙන්නත් මේ ගේම් එකට පුළුවන් වුණා. ඇත්තටම ඒ දවස්වල හුඟක් දෙනෙක් Master Chief සමඟ මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනු Nomad ව Compare කලා. කොහොම වුනත් Character Battle එකෙන් Master Chief දින්නත් Gaming Battle එකෙන්නම් Crysis එක දින්නා කියලා තමයි ඒ දවස්වල හුඟක් විශ්ලේෂකයන් කිව්වේ. Release 🔹මේ ගේම් එක ඉස්සෙල්ලම Release වුනේ PC වලට. මේ ගේම් එක Release වුනු දවස්වල හුඟක් දෙනෙක් කිව්වෙ ඒ වෙද්දි තිබුන ගේම්ස් වලින් හොඳම Graphics තිබුනේ මේ ගේම් එකේ කියලා. මේ ගේම් එකේ PC Version එක Release වෙලා අවුරුදු හතරකට පස්සේ තමයි Playstation සහ XBOX Versions Release වුනේ. Special Facts 🔸PS සහ XBOX Versions හදන්න යොදාගත්තේ CryEngine 2 Engine එක නෙමෙයි. ඒ සදහා ඔවුන් යොදාගත්තේ CryEngine 3 Engine එක. ඒ වගේම PC Version එකේ තිබුන Ascension කියන Mission එක PS සහ XBOX Versions වල තිබුනේ නෑ. ඇත්තටම මේ ගේම් එකේ හොඳම Version එක විදිහට අදටත් පිලිගන්නේ PC Version එක. 🔹Far Cry Series එක හරහා ලැබුනු සාර්ථකත්වය හා ප්‍රසිද්ධිය නිසා තමයි Crytek ආයතනය විසින් Crysis නැමැති අලුත් Series එකක් නිර්මාණය කරන්න තීරණය කලේ. ඒ වගේම මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා Codelines මිලියනයකට අධික සංඛ්‍යාවක් යොදාගෙන තිබුනා. ... Story, Characters & Places 🔸 මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ ඇමරිකානු Delta Force භටයෙකු වුනු Jake Dunn හෙවත් Nomad. ඔහුගේ ප්‍රධාන සතුරන් වුනේ General Richan ප්‍රමුඛ උතුරු කොරියානු සන්නද්ධ භටයින් සහ පිටසක්වල ජීවීන් විශේෂයක්. 🔹 2020 වර්ෂයේදී නැගෙනහිර පිලිපීනයට ආසන්න මුහුදේ තිබෙන මනංකල්පිත දූපත් සමූහයක් වුනු Lingshan දූපත් ආශ්‍රිතව සිදුවන්නාවූ ක්‍රියාදාම සමූහයක් සම්බන්ධව තමයි මේ ගේම් එකේ Story එක හදලා තිබුනේ. මෙම දූපතේ තිබෙන්නා වූ කන්දක් තුල තිබූ පුරාණ පිටසක්වල ගොඩනැගිලි සහ නිර්මාණ සමූහයක් සොයා ගත් ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායමක් සොයා Nomad ඇතුළු ඔහුගේ කණ්ඩායම දූපත තුල සිදුකරන්නාවූ ක්‍රියාකාරකම් ඇසුරින් තමයි මේකේ Gameplay එක හදලා තිබුනේ. 🔸Nomad, Psycho, Aztec, Jester සහ කණ්ඩායමේ නායකයා වුනු Prophet කියන පස් දෙනා තමයි මේ මෙහෙයුමට එක්වුනේ. ඔවුන් හැමකෙනෙක්ම Nanosuit නැමැති අධි තාක්ෂණික සන්නාහ ඇඳුමකින් සහ නවීන පන්නයේ ආයුධ අතැතිව තමයි මේ මෙහෙයුම ආරම්භ කරන්නේ. ඇත්තටම මේ Nanosuit කියන Armor එක Future Force Warrior නැමැති සැබෑ ඇමරිකානු යුදමය සංකල්පයක් ඇසුරින් නිර්මාණය කරපු දෙයක්. Gameplay 🔹Crysis Series එකේ පලවෙනි කතාංගය විදිහට Release වුනු මේ ගේම් එකේ Gameplay එක Halo Series එකට සමානව හදලා තිබුන බව තමයි ඒ දවස්වල හුඟක් දෙනෙක් කිව්වේ. Open World ගේම් එකක් නොවුනත් Open World ගේම් එකක දැකිය හැකි සමහරක් ලක්ෂණ මේ ගේම් එකේ දකින්න පුලුවන් වුණා. ඒ වගේම Halo Series එකේ දකින්නට නොලැබුණු නව අංග කිහිපයක්ම මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. 🔹 මේ Crysis ගේම් එකේ Gameplay එක හදලා තිබුනේ ඉහත සඳහන් කල Nanosuit එක මත පදනම්ව යි. මේ Nanosuit එකේ Modes හතරක් තියෙනවා. ඒවා තමයි Armor Mode, Strength Mode, Speed Mode සහ Cloak Mode. මේ හැම Mode එකකටම ආවේණික වුනු විශේෂ හැකියාවන් භාවිතා කිරීමේ හැකියාව මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබාදීලා තිබුනා. 🔸තුවක්කු වල Firing Mode එක වෙනස් කිරීමේ හැකියාව, Bullet Type එක වෙනස් කිරීමේ හැකියාව, Scopes වෙනස් කිරීමේ හැකියාව ඇතුලු තවත් අලුත් දේවල් හුඟක් මේ ගේම් එකේ Gameplay එකට ඇතුලත් කරලා තිබුනා. මේ ගේම් එක FPS ගේම් එකක් වුනත් වාහන පැදවීමේදී Third Person View එකක් භාවිතා කරලා තිබුනා. 🔹Alien Weapons භාවිතා කිරීමේ හැකියාව, මෝටර් රථ පැදවීමේ හැකියාව, අහස් යානා පැදවීමේ හැකියාව, නාවික බෝට්ටු පැදීමේ හැකියාව වගේ දේවල් Gameplay එකට ඇතුලත් කර තිබීම හරහා ක්‍රීඩකයාට උපරීම වින්දනයක් ලබා ගත හැකි වුණා. Remastered Version 🔹 මේ ගේම් එකේ Remastered Version එක 2020 වර්ෂයේදී Release වුනා. Remastered එක හදලා තිබුනෙ CryEngine 3 Engine එක උපයෝගි කරගෙනයි. ඒ වගේම Remastered Version එකේ Publisher විදිහට කටයුතු කලේ Crytek එක. Multiplayer Mode 🔸 GameSpy ආයතනය එහි Servers වසා දැමීම නිසා 2014 මැයි 30 වනදා සිට මේ ගේම් එකේ Multiplayer Mode එක ක්‍රීඩා කිරීමේ අවස්තාව ක්‍රීඩකයින්ට අහිමි වුණා. Cost, Sales & Awards 🔹 මේ ගේම් එක හදන්න Crytek එකට ඩොලර් මිලියන 22 ක් වියදම් වෙලා තිබුනා. ගේම් එක Release වෙලා මාස දෙකක් ඇතුලත ගේම් එකේ Original Copies මිලියනයක් අලෙවි වෙලා තිබුනා. ඒ වගේම 2010 වර්ෂය වෙද්දී Original Copies මිලියන 3 ක් අලෙවි වෙලා තිබුනා. අලෙවිය වෙනුවෙන් ලැබෙන අන්තර්ජාතික Silver Award එක ලබාගන්නත් මේ ගේම් එකට හැකිවුණා. 🔸ලෝක ප්‍රසිද්ධ Gaming Reviews Website එකක් වුනු IGN එකෙන් ලබා දෙන Editor's Choice Award එක ලබා ගන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒ වගේම 2007 වර්ෂයේ 'Most Pirated PC Game' Title එක Win කරන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. 🔹Best Shooter, Game of the Year, Best Action Game, PC Game of the Year, Best Entertainer, Best Graphics, Best Selling PC Game ඇතුළු අන්තර්ජාතික සම්මාන රාශියකින් පිදුම් ලැබූ මේ ගේම් එක ඔයා තාමත් Play කරලා නැත්නම් අනිවාර්යයෙන් Play කරලා බලන්න.