Release
Far Cry Series
🔸 දැනට ලෝකයේ තියෙන විශිෂ්ටතම වගේම ජනප්‍රියතම ගේම් Series එකක් තමයි Far Cry කියන්නේ. ඒ වගේම First Person Category එකේ ලොකු වෙනසක් කරපු ගේම් Series එකක් විදිහටත් Far Cry Series එක හඳුන්වන්න පුළුවන්. 🔸 ඒ වගේම Far Cry Series එකේ ප්‍රධාන කතාංග කිසිවක් එකකට එකක් සම්බන්ධ නෑ. Stand Alone Stories විදිහට තමයි ඒ හැම ගේම් එකක්ම නිර්මාණය වුනේ. අලුත්ම චරිත සිටින, අලුත්ම කතාංග ඇසුරෙන් තමයි සියලුම ප්‍රධාන Far Cry කතාංග නිර්මාණය කරලා තිබුනේ. උදාහරණ විදිහට Far Cry 2, Far Cry 3, Far Cry 4, Far Cry 5 සහ Far Cry 6 යන කතාංග පෙන්වා දෙන්න පුළුවන්. Far Cry 01 Vs Far Cry Instincts 🔹Far Cry 01 ගේම් එකත් ඒ වගේ Stand Alone Story එකක් තිබුන ගේම් එකක්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් Far Cry Instincts කියන්නේ මේ ගේම් එකේම දෙවෙනි කොටස නේද කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. Far Cry Instincts කියන්නේ XBOX වලට හදපු වෙනම Story එකක් තියෙන වෙනම Series එකක්. Release 🔹Far Cry Series එකේ පලවෙනි ප්‍රධාන කතාංගය විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. මේ ගේම් එක ඉස්සෙල්ලම Release වුනේ PC වලට විතරයි. ගේම් එකේ දසවන සංවත්සරයට සමගාමීව තමයි 2014 වර්ෂයේදී මේ ගේම් එක Far Cry Classic කියන නමින් Playstation වලට සහ XBOX වලට Release වුනේ. ඒ කියන්නේ Far Cry ගේම් එක PC වලට Release වෙලා අවුරුදු දහයකට පස්සේ තමයි Playstation සහ XBOX වලට Release වුනේ. Story, Characters & Places 🔹 දකුණු පැසිෆික් සාගරයට අයත් Micronesia නම් පෙදෙසෙහි තිබෙන සිතියම් ගත නොකල, නිවර්තන වැසි වනාන්තර වලින් සමන්විත වූ මනංකල්පිත දූපත් සමූහයක් වටා සිදුවන්නාවූ ක්‍රියාදාමයන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක හදලා තියෙන්නේ. 🔸 හිටපු ඇමරිකානු විශේෂ බලකා සෙබලෙක් වුනු Jack Carver තමයි මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ. ඒ වගේම Kriegar නැමැති විද්‍යාඥයා තමයි මේ ගේම් එකේ ඔහුට සිටි ප්‍රධානම ප්‍රතිවාදියා වුනේ. 🔹 රුවල් බෝට්ටු කුලියට දීමේ ව්‍යාපාරයක් සිදුකරමින් සිටින Jack ව මුණගැසෙන්නට Valerie Constantine නැමැති පුවත්පත් කලාවේදිනියක් පැමිණෙනවා. ඇය සමඟ දකුණු පැසිෆික් සාගරයේ චාරිකාවක යෙදෙමින් සිටින අතරවාරයේ එල්ල වුණු මිසයිල ප්‍රහාරයකින් ඔවුන් සිටින රුවල් බෝට්ටුව විනාශ වී යනවා. අතුරුදහන් වුනු Valerie සහ ඔහුගේ බෝට්ටුව විනාශ කල පුද්ගලයින් සොයා අභිරහස් දූපත් තුල Jack සිදුකරන්නා වූ ක්‍රියාදාමයන් සහ Kriegar නැමැති විද්‍යාඥයාගේ කුලී සොල්දාදුවන් සමඟ ඔහු කරන්නාවූ සටන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තිබුනේ. 🔸 වානරයින්ගේ ජාන විකෘති කිරීමෙන් සෑදූ Trigens නැමැති භයංකර සත්ව කොට්ඨාසයක් සමඟ සහ Human Trigens නැමැති ජාන විකෘති වුනු මිනිසුන් කොට්ඨාසයක් සමඟ සටන් කිරීමටත් Jack ට සිදුවෙනවා. Special Facts 🔸 Crytek ආයතනය විසින් නිර්මාණය කල X Isle : Dinosaur Island නැමැති Demo එක හරහා තමයි මේ ගේම් එකේ උපත සිදුවුණේ. ඒ වගේම Cry Engine එක යොදාගෙන නිර්මාණය කරපු පලවෙනි ගේම් එක වුනෙත් මේ Far Cry ගේම් එක. ඇත්තටම Far Cry ගේම් එක වෙනුවෙන්ම තමයි Crytek ආයතනය මේ Engine එක නිර්මාණය කලේ. ඒ වගේම මේ Far Cry ගේම් එක ඇසුරින් තමයි පසු කලෙක ලෝක ප්‍රසිද්ධ වුනු Crysis 01 ගේම් එක පවා හදලා තිබුනේ. 🔹ඒ වගේම HD Graphics යොදාගෙන තමයි මේ ගේම් එකේ Playstation සහ XBOX Versions හදලා තිබුනේ. ඒ වගේම Playstation Version එක නිර්මාණය කරන්න භාවිතා කරලා තිබුනේ Dunia Engine 2 නමින් හඳුන්වපු අලුත් Engine එකක්. ... Gameplay 🔹 මේ ගේම් එක Far Cry Series එකේ අනිත් ගේම්ස් වගේ Open World ගේම් එකක් නෙමෙයි. ඇත්තටම මේ ගේම් එක Open Ended ගේම් එකක්. ඒ කියන්නේ මේ ගේම් එක Open World ගේම් එකක් නොවුනත් Open World ගේම් එකක තියෙන සමහරක් ගුණාංග මේ ගේම් එකට ඇතුලත් වෙලා තිබුනා. සීමාසහිත කුඩා ප්‍රදේශයක් තුල ක්‍රීඩකයාට කැමති ආකාරයකින් ක්‍රීඩා කිරීමේ අවස්තාව මේ ගේම් එක මඟින් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. එසේම මේ ගේම් එක First Person ගේම් එකක් වුණත් වාහන පැදවීමේදී Third Person View එක භාවිතා කිරීමේ අවස්තාව ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. 🔹 Lone Wolf නැමැති ආකෘතියට අනුව තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තිබුනේ. ඒ කියන්නේ හුඟක් Missions තනියම තමයි කරන්න ඕනේ. ඒ සඳහා කාගෙන්වත් ඍජු උපකාරයක් ක්‍රීඩකයාට ලැබෙන්නේ නෑ. අන්ධකාර පරිසර තත්ත්වයන්වලදී භාවිතයට ගන්නා Thermo Binocular නැමැති දුරදක්නය භාවිතා කිරීමේ හැකියාවත් මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. Multiplayer Mode 🔸කොහොම වුනත් 2015 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු මේ ගේම් එකේ Multiplayer Servers Shut Down කිරීමත් සමඟ මේ ගේම් එක Multiplayer Mode එකෙන් ක්‍රීඩා කිරීමේ අවස්තාව ක්‍රීඩකයින්ට අහිමි වුණා. Sales & Awards 🔸 ගේම් එක Release වෙලා මාස හතරක් ඇතුලත ගේම් එකේ Original Copies 730,000 ක් අලෙවි වෙලා තිබුනා. ඒ වගේම 2010 වර්ෂය වනවිට මේ ගේම් එකේ Original Copies මිලියන 2.5 ක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. ඒ වගේම 2006 වර්ෂය වනවිට ඇමරිකාව තුල පමණක් Original Copies 350,000 ක් අලෙවි කරලා ඩොලර් මිලියන එකොළහකට වඩා වැඩි ආදායමක් ලබා ගන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒ වගේම ඒ දවස්වල විශ්ලේෂකයෝ කිව්වේ මේ ගේම් එක Playstation සහ XBOX වලටත් Release කලානම් මේ වගේ තුන් ගුණයක ආදායමක් ලබා ගැනීමේ හැකියාව තිබුනා කියලයි. 🔹 2006 වර්ෂය වනවිට ලෝකයේ වැඩියෙන්ම අලෙවි වුනු පරිගණක ක්‍රීඩා 50 අතරට එක්වීමටත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒ වගේම Best Selling PC Games of All Time ලේඛනයට ඇතුලත් වෙන්නත් මේ ගේම් එකට පුළුවන් වුණා. 🔸 ඒ දවස්වල තිබුන ගේම්ස් අතරින් හොඳම ගේම් එකක් වුනු මේ ගේම් එක Best Shooter, Best Graphics, Best Full Priced Game ඇතුළු අන්තර්ජාතික සම්මාන කිහිපයක්ම දිනා ගන්නටත් සමත් වුණා. ඒ වගේම විවිධ රටවල් වලින් අලෙවිය සඳහා පිරිනමන රන් සම්මාන කිහිපයක්ම දිනා ගන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. Multimedia Franchise 🔸2008 වර්ෂයේදී Far Cry Series එක ඇසුරෙන් චිත්‍රපටයක් පවා නිර්මාණය වුණා. කොහොම වුනත් හිතපු තරම් හොඳ ප්‍රතිචාර මේ චිත්‍රපටයට ලැබුනේ නෑ. Far Cry ගේම් Series එකේ ගෞරවාන්විත ප්‍රතිරූපයට ලොකු හානියක් මේ චිත්‍රපටය හරහා සිදුවුණා කියලා තමයි ඒ දවස්වල බොහෝ දෙනෙක් කිව්වේ.