11
41

Grand Theft Auto IV

නිකුත් කල වර්ෂය-2008
4.029 Votes

Release

  • Year :2008
  • Developer:RockStar North
  • Publisher:Electronic Arts
  • Engine:RockStar Advanced Game Engine
  • Genre:Third Person Adventure
  • Mode:Singleplayer & Multiplayer
  • Platform:PC [ Windows ]- PlayStation 03 / XBOX 360
  • Rating: 4.5 / 261 times

Grand Theft Auto Series

Grand Theft Auto IV Series & Relese Release 🔸GTA Series එකේ හයවෙනි ප්‍රධාන කතාංගය විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. ඒ වගේම GTA Series එකේ පලවෙනි HD ගේම් එක වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. 🔹 GTA San Andreas ගේම් එක Release වෙලා අවුරුදු හතරකට පස්සේ තමයි මේ ගේම් එක Release වුනේ. San Andreas වගේම මේ ගේම් එකත් Open World ගේම් එකක්. ඇත්තටම Open World Category එකේ ලොකු වෙනසක් කරපු ගේම් එකක් තමයි GTA IV කියන්නේ. 🔸 GTA San Andreas ගේම් එක Release කරලා හරියටම මාසයකට පස්සේ තමයි RockStar එකෙන් මේ GTA IV ගේම් එක Develop කරන්න පටන්ගත්තේ. ඒ වගේම San Andreas ගේම් එකට වඩා හුඟක් හොඳ Graphic Quality එකක් සහිතව තමයි මේ ගේම් එක Release වුනේ. 🔹 2007 වර්ෂයේදී තමයි මේ ගේම් එක Release වෙන්න තිබුනේ. නමුත් 2007 වර්ෂයේදී Halo 03 ගේම් එක Release වුනු නිසා GTA IV ගේම් එක Release කරන එක අවුරුද්දකින් පමා කරන්නට RockStar ආයතනය තීරණය කලා. මොකද කියනවනම් Halo Series එක තමයි ඒ වෙද්දී ලෝකයේ තිබුනු ගේම් Series වලට ඍජුවම අභියෝග කරපු ප්‍රධානතම ගේම් Series එක වුනේ. Halo 03 එකත් එක්ක GTA IV එක Release කලොත් ආදායම අඩුවෙයි කියලා හිතපු නිසා තමයි GTA IV Release Date එක 2008 වර්ෂයට රැගෙන යන්න RockStar ආයතනය තීරණය කලේ. Story, Characters & Places 🔸ඇමරිකාවේ New York නගරය කේන්ද්‍ර කරගනිමින් තමයි මේ ගේම් එකේ ප්‍රධාන ස්ථානය වුනු මනංකල්පිත Liberty City එක නිර්මාණය කරලා තිබුනේ. GTA 03 ගේම් එකේ තිබුනු Liberty City එකට වඩා හුඟක් වෙනස්, අලුතින්ම නිර්මාණය කරපු Liberty City එකක් තමයි මේ ගේම් එකේ තිබුනේ. 🔸ඇත්තටම GTA IV ගේම් එකේ තියෙන Liberty City එක GTA 03 ගේම් එකේ තියෙන Liberty City එකට වඩා තුන් ගුණයක් විශාල යි. මේ අලුත් Liberty City Map එක නිර්මාණය කිරීම සඳහා RockStar සමාගම විසින් New York නගරයේ ඡායාරූප 250,000 කට ආසන්න ප්‍රමාණයක් විශ්ලේෂනය කල බව තමයි ඔවුන්ගේ වාර්තාවල සඳහන් වෙන්නේ. 🔹ඒ වගේම Brooklyn, Queens, Bronx, Manhattan සහ New Jersey යන උප නගර කේන්ද්‍ර කරගනිමින් තමයි මේ ගේම් එකේ Broker, Dukes, Bohan, Algonquin සහ Alderney කියන මනංකල්පිත උප නගර නිර්මාණය කරලා තිබුනේ. 🔸 මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ හිටපු යුධ සෙබලෙක් වුනු නැගෙනහිර යුරෝපියානු ජාතික Niko Bellic. පරිගණක ක්‍රීඩා විශ්ලේෂකයන් හුඟ දෙනෙක් Niko ව හැඳින්වූයේ Anti-Hero කෙනෙක් විදිහට යි. වීඩියෝ ක්‍රීඩා ඉතිහාසයේ බිහිවුනු ජනප්‍රියතම චරිත වලින් එක්කෙනෙක් තමයි Niko කියන්නේ. Dimitri Rascalov නැමැති පාතාල කල්ලි නායකයා තමයි මේ ගේම් එකේ Niko ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වුනේ. ඒ වගේම Roman නැමැති Niko ගේ ඥාති සොහොයුරා තමයි මේ ගේම් එකේ Niko ගේ ලඟම මිතුරා විදිහට කටයුතු කලේ. 🔹 තමාගේ අතීත මැරවර ජීවිතයෙන් මිදී එම අතීතය අමතක කර දමන්නට ඔහු දරන උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට 2008 දී Liberty City වෙත පැමිණෙන්නට ඔහුට අවස්තාව ලැබෙනවා. කෙසේ වෙතත් තමාගේ පරණ සතුරෙකු වන Darko Brevic නැමැත්තා Liberty City නගරයේ සිටින බව ඔහු දැනගන්නවා. ඔහුව සොයා Niko විසින් සිදුකරන්නාවූ ක්‍රියාකාරකම් සහ Niko විසින් නගරයේ පාතාල කල්ලි සමග ඇතිකරගන්නා වූ ගැටුම් ඇසුරෙන් තමයි මේ ගේම් එකේ Story එක හදලා තියෙන්නේ. ... Gameplay 🔹 මේ ගේම් එක Third Person ගේම් එකක් වුනත් වාහන පැදවීමේදී First Person View එකෙන් වාහන පැදවීමේ අවස්තාව ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. ඒ වගේම මේ ගේම් එක තමයි වෙඩිතැබීමේ දී Cover System එක යොදාගත් පලමු GTA ගේම් එක වුනෙත් මේ ගේම් එක. GTA Series එකේ කලින් ගේම්ස් වල නොතිබුණු Dodge, Block, Disarm වැනි අලුත් Melee Movements කිහිපයක්ම මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. 🔸 මේ ගේම් එකේ ලොකු Map එකක් තිබුනු නිසා Quick Travel කරන්න පුළුවන් වෙන විදිහට Cab Service එකක් සහ Subway Train System එකක් ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. කවුරු හරි හිතුවනම් GTA IV ගේම් එකේ Map එක GTA San Andreas ගේම් එකේ Map එකට වඩා ලොකු යි කියලා, ඇත්තටම ඒක වැරදි යි. San Andreas Map එක තරම් GTA IV Map එක ලොකු නෑ. 🔹ඒ වගේම ක්‍රීඩකයාගේ තේරීම් අනුව Story එක වෙනස්වෙන විදිහට තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තිබුනේ. Cheat Codes Type කිරීම සඳහා ගේම් එකේ ප්‍රධාන චරිතය සතු ජංගම දුරකතනය යොදාගත් පලමු GTA ගේම් එක වුනෙත් මේ ගේම් එක. Multiplayer 🔹 Multiplayer Mode එක හරහා ක්‍රීඩකයින් තිස් දෙදෙනෙකු ට එකවර ක්‍රීඩා කිරීමේ හැකියාව මේ ගේම් එකේ PC Version එකෙන් ක්‍රීඩකයින්ට ලබා දීලා තිබුනා. නමුත් මේ ගේම් එකේ Playstation සහ XBOX Version වල මේ හැකියාව ක්‍රීඩකයින් දහසය දෙනෙකුට පමණක් වන සේ සීමා කර තිබුනා. මෙවැනි හේතු නිසා ඒ දවස්වල හුගක් විශ්ලේෂකයින් කිව්වේ මේ ගේම් එකේ වඩාත් ආකර්ෂණීය Version එක PC Version එක කියලයි. කොහොම වුනත් 2020 වර්ෂයේදී මේ ගේම් එකේ Multiplayer Mode එක Windows Version වලින් ඉවත් කිරීමට RockStar ආයතනය තීරණය කලා. Special Facts 🔹ඇත්තටම GTA IV PC Version එක හදන්න RockStar North කණ්ඩායමට අමතරව RockStar Toronto කණ්ඩායමත් RockStar ආයතනයට සහයෝගය ලබා දුන්නා. 🔸 මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා දහසකට ආසන්න සේවක සංඛ්‍යාවක් යොදාගත් බව තමයි RockStar සමාගම නිවේදනය කලේ. ඔවුන්ගෙන් සමහරක් දෙනා මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා දිනකට පැය 12 කට වඩා වැඩ කලා. මේ ගේම් එකේ Story එක සහ Missions හදන්න කලින් තමයි ගේම් එකේ ප්‍රධාන ස්ථානය වුනු Liberty City එක හදලා තියෙන්නේ. ඊට පස්සේ තමයි Liberty City එකට අනුකූලව Missions හදලා තියෙන්නේ. Multiplayer Mode එක නිර්මාණය කිරීම තමයි මේ ගේම් එකේ තිබුනු අමාරුම කොටස වුනේ. 🔹 සැත්තෑ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාසයකට ආසන්න කාලයක් New York නගරයේ ඇවිදලා තමයි මේ ගේම් එකේ Liberty City එක හදන්න අවශ්‍ය කරන තොරතුරු සොයාගෙන තිබුනේ. New York පොලීසියේ අවසරය සහ උපකාර ඇතිව තමයි ඔවුන් මේ වැඩේ කලේ. ඒ වගේම මේ ගේම් එකේ කතාව ලියන්න A4 ප්‍රමාණයේ කඩදාසි පිටු දහසකට වැඩි ප්‍රමාණයක් යොදාගන්නත් රචකයාට සිදුවුණා. 🔸 පුද්ගලයින් 660 දෙනෙකු යොදාගනිමින් පටිගත කල දෙබස් 80,000 කට වැඩි ප්‍රමාණයක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. චරිතවල ශාරීරික අංග චලනයන් සිදුකිරීම සඳහා Motion Capture නැමැති තාක්ෂණය යොදාගන්නත් RockStar ආයතනය කටයුතු කලා. මෙම තාක්ෂණය යොදාගනිමින් දිනකට අංග චලන සියයකට ආසන්න ප්‍රමාණයක් පටිගත කල බව තමයි ඔවුන්ගේ වාර්තාවල සඳහන් වුනේ. Cost, Sales & Profit 🔸 පරිගණක ක්‍රීඩා ලෝක වාර්තා කිහිපයක්ම බිඳ දැමූ අතිවිශිෂ්ට නිර්මාණයක් තමයි මේ GTA IV ගේම් එක. ඇත්තටම ඒ දවස්වල මිනිස්සු මේ ගේම් එක Release වෙනකම් ඇඟිලි ගැන ගැන තමයි හිටියේ. 🔹මේ ගේම් එක හදන්න RockStar සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන සියයක මුදලක් වියදම් වෙලා තිබුනා. ලෝකයේ වැඩිම වියදමක් දරලා හදපු ගේම්ස් වලින් එකක් විදිහට අදටත් වාර්තා පොත් අතර මේ ගේම් එක තියෙන්නේ ඒ නිසයි. කොහොම වුනත් ගේම් එක Release වෙලා පැය 24 ක් ඇතුලත ගේම් එකේ Original Copies මිලියන 3.6 ක් අලෙවි කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 310 ක ආදායමක් ලබන්නත් මේ ගේම් එක සමත් වෙනවා. ඒ වගේම ගේම් එක Release වෙලා පලමු සතිය ඇතුලත ගේම් එකේ Original Copies මිලියන 06 ක් අලෙවි කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ආදායමක් ලබන්නත් මේ ගේම් එක සමත් වෙනවා. පලමු සතිය ඇතුලත ඇමරිකානු ඩොලර් මිලියන 320 ක ආදායමක් ලබමින් Halo 03 ගේම් එක විසින් තබා තිබූ ලෝක වාර්තාව තමයි GTA IV ගේම් එක මේ විදිහට බිඳ දැමුවේ. ඒ වගේම පලමු මාසය ඇතුලත මේ ගේම් එකේ Original Copies මිලියන 8.5 ක් අලෙවි වුණා. 🔸 පැය 24 ක් ඇතුලත වැඩිම ආදායමක් ලැබූ වීඩියෝ ක්‍රීඩාව, පැය 24 ක් ඇතුලත වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි කල වීඩියෝ ක්‍රීඩාව, පැය 24 ක් ඇතුලත Entertainment Product එකක් විසින් උපයාගත් වැඩිම ආදායම ඇතුළු ලෝක වාර්තා කිහිපයක්ම තමන් සතු කරගැනීමට මේ ගේම් එකට හැකියාව ලැබුනා. 🔹 2013 වර්ෂය වන විට මේ ගේම් එකේ Original Copies මිලියන 25 ක් අලෙවි වෙලා තිබුනා. ඒ වගේම 2009 සහ 2012 වර්ෂ වල Games For Windows Live එක හරහා ලෝකයේ වැඩිම දෙනෙක් ක්‍රීඩා කරපු ගේම් එක වුනෙත් මේ GTA IV ගේම් එක. අලෙවි වාර්තා රැසකටම හිමිකම් කීම නිසා Best Selling Video Games of All Time ලේඛනයට ඇතුලත් වන්නටත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. PlayStation 03 Special Edition මීට අමතරව Sony සමාගම විසින් GTA IV ගේම් එක වෙනුවෙන්ම නිෂ්පාදනය කල 40 GB Special Edition Playstation 03 එකක් Release කරලා තිබුනා. Awards 🔸 මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනු Niko Bellic ගේ අංග චලනයන් සිදුකල Michael Hollick 2008 වසරේ පැවැත්වුණු අන්තර්ජාතික වීඩියෝ ක්‍රීඩා සම්මාන උලෙළකදී Best Performance සම්මානයෙන් පිදුම් ලැබුවා. 🔹 Game Of The Year, Best Multiplayer Game, Best Adventure Game of the Year, Best Story, Best Voice Acting ඇතුලු අන්තර්ජාතික සම්මාන රාශියකින් පිදුම් ලබන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒ වගේම Gratest Video Games of All Time සහ Highest Rated Video Games of All Time යන ලේඛනයන්ට ඇතුලත් වීමටත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. Murder Simulator 🔸 මේ ගේම් එකේ තිබුන Violence Content එක නිසා Chicago නගරය තුල මේ ගේම් එක සම්බන්ධව සිදුකරන්නාවූ ප්‍රචාරක කටයුතු තහනම් කිරීමට එහි නගරාධිපතිවරයා කටයුතු කලා. එසේම මේ ගේම් එකේ තිබුන Sexual & Violence Content එක නිසා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මේ ගේම් එක තහනම් කලා. ඒ නිසා ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට වෙනම GTA IV Version එකක් හදන්නත් RockStar සමාගමට සිදුවුණා. 🔹 ඇත්තටම මේ ගේම් එකේ තිබුනු Violence & Sexual Content එක නිසා GTA IV ගේම් එක ඇමරිකාව තුල තහනම් කරන ලෙස ඉල්ලා ගොනු කල නඩු විශාල ප්‍රමාණයක් ඇමරිකානු උසාවි වල විභාගයට ගැනුනා. මේ ගේම් එක තහනම් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කලේ එරට නීතිඥයෙකු ලෙස කටයුතු කල Jack Thompson. GTA Series එක Murder Simulator නැමැති නව කාණ්ඩයකට ඇතුලත් කල යුතු බවයි බොහෝ දෙනෙකුගේ මතය වුනේ. 🔸 පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ හැකියාව සහ බීමත්ව රිය පැදවීමේ හැකියාව ක්‍රීඩකයාට ලබා දී තිබූ නිසා මේ ගේම් එක Adults Only Category එකට ඇතුලත් කල යුතු බවට බොහෝ පිරිසක් RockStar සමාගමට ලිඛිතව ලියා එවා තිබුනා. RockStar යනු මිනීමැරීම සඳහා කුඩා දරුවන් පුහුණු කරන ආයතනයක් බවටත් එම ලිපි වල සඳහන් වී තිබුනා. 🔹 2008 වසරේදී New York නගරයේ New Hyde Park හි සිදුවූ මංකොල්ලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තරුණයින් සය දෙනෙකු පසුව පොලීසියට පවසා තිබුනේ GTA IV ගේම් එක හරහා ලද පන්නරය ඔවුන්ව මංකොල්ලය සඳහා පෙලඹවූ බවයි. 🔸 එසේම තායිලන්තයේ බැංකොක් නගරයේ Taxi රථ රියැදුරෙක් මරා දමා රථය පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවෙකු පසුව පොලීසියට පවසා තිබුනේ GTA IV ගේම් එකේ පරිදි ලෙහෙසියෙන්ම රථයක් සොරකම් කිරීමට හැකිදැයි පරීක්ෂා කර බැලීම සඳහා මේ දේ සිදුකල බවයි. මේ සිදුවීමෙන් පසු තායිලන්ත රජය විසින් එරට තුල GTA IV ගේම් එක තහනම් කලා. 🔹 මේ ගේම් එක සම්බන්ධව සිදු වුනු ඛේදනීයම පුවත වාර්තා වුනේ 2013 වසරේ දී. ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ විසූ 87 හැවිරිදි Marie Smothers නැමැති කාන්තාවගේ ඔලුවට එල්ල කල වෙඩි පහරකින් ඇය මරණයට පත් වුණා. ඇයගේ අට හැවිරිදි මුණුපුරා විසින් තමයි මේ වෙඩි පහර ඇයට එල්ල කර තිබුනේ. GTA IV ගේම් එක ක්‍රීඩා කිරීමෙන් පසු නිවසේ තිබූ ගිනි අවිය භාවිතා කර ගේම් එකේ පරිදි මිනිසුන් මැරිය හැකිදැයි පරීක්ෂා කර බැලීම සඳහා මෙසේ තම මිත්තණියට වෙඩි තැබූ බව තමයි දරුවා විසින් සඳහන් කර තිබුනේ. Episodes From Liberty City 🔸 GTA IV ප්‍රධාන කතාංගයට සම්බන්ධ අනු කතාමාලා දෙකක් ඇසුරින් නිර්මාණය කල The Lost & Damned සහ The Ballad of Gay Tony නැමැති අලුත් Expansion දෙකක් 2009 වර්ෂයේදී XBOX වලට විතරක් Release වුනා. කොහොම වුණත් 2010 වර්ෂයේදී මේ කතාංග දෙකම ඇතුලත් කරලා හදපු Episodes From Liberty City නැමැති ගේම් එක PC සහ Playstation වලට Release වුනා.

Parents Guide

    System Requirements

  • 🔸Processor Core 2 Quad 2.4 GHZ
  • 🔹Ram 3 GB
  • 🔹VGA Geforce 8600 512 MB
  • 🔹Sound Card Direct X 9.0C
  • 🔹OS Windows 7
  • 🔹Space 20 GB
  • Platform:PC [ Windows ]- PlayStation 03 / XBOX 360
  • Rating: 17 / 282 times

  • Parents Guide

    • No Sexual Contents
    • IMDb Rating - 18+ [ Blood & Violence ]- [ Strong Sexual Contents ]-[ Bad Language ] - [ Alcohol & Drugs ]
    • ESRB Rating - 17+
    • SL Gamehub Rating - 16+

Reviews