Release
Halo Series
Halo - Combat Evolved Series & Relese Release Halo Video Game Series 🔹හුඟක් අයට හිතෙන්න පුලුවන් ලෝකයේ හොදම FPS Gaming Series එක ඇවිල්ලා COD කියලා, නැත්නම් Battlefield කියලා, නැත්නම් Far Cry කියලා, නැත්නම් Crysis කියලා. ඒත් ඇත්තටම Halo Series එක තමයි දැනට ඇවිල්ලා තියෙන FPS Series වලින් ලෝකයේ හොඳම FPS Series එක විදිහට හුඟක් අය පිලිගන්නේ. 🔸මීට අමතරව Halo Series එක තමයි ලෝකයේ ප්‍රධානතම XBOX Gaming Series එක වෙන්නෙත්. ඒ වගේම Halo Series එක තමයි ලෝකයේ පලවෙනි XBOX Gaming Series එක වුනෙත්. 🔹ලෝකයේ XBOX මිලදී ගන්නා පුද්ගලයින්ගෙන් 50% කට වැඩි ප්‍රමාණයක් XBOX මිලදී ගන්නේ Halo Series එක Play කරන්න ඕන නිසා. ඒ වගේම Playstation සමග තියුණු සටනක යෙදෙන්න XBOX වලට හැකියාව ලැබුනෙත් මේ Halo Series එක නිසයි. 🔸ලංකාවේ හුඟක් අය Play කලේ නැති වුනාට දැනට ලෝකයේ තියෙන හොඳම වගේම පරිගණක ක්‍රීඩා ලෝක ශූරතාවලි වලට පවා යොදාගන්නා Multiplayer ගේම් Series එකක් තමයි Halo. ඒ වගේම මේ වෙද්දී ලෝකයේ බිහිවුනු විශිෂ්ටතම, ජනප්‍රියතම වගේම වැඩිම Copies ප්‍රමාණයක් අලෙවි වුනු ගේම් Series වලින් එකක් විදිහටත් මේ Halo Series එක හඳුන්වන්න පුළුවන්. 🔹ඒ වගේම මේ Series එකේ ප්‍රධාන චරිතය වන Master Chief තමයි ක්‍රීඩකයින් අතර වැඩියෙන්ම ගෞරවයට පාත්‍ර වුනු වීඩියෝ ක්‍රීඩා චරිතය ලෙස සැලකෙන්නේ. ලෝකයේ බිහිවුනු විශිෂ්ටතම වීඩියෝ ක්‍රීඩා චරිතයක් ලෙස ද ඔහුව හඳුන්වන්න පුළුවන්. 🔸මේ Halo Series එක ඇත්තටම Multi Billion Dollar Franchise එකක්. ඒ කියන්නේ මේ Game එකට ලැබුන ප්‍රසිද්ධිය නිසා මේ ඇසුරින් නිර්මාණය වුනු නවකතා, චිත්‍ර කතා, විශ්ව කෝෂ, TV Series, චිත්‍රපට, සෙල්ලම් බඩු, ඇඳුම් ඇතුළු තවත් හුඟක් දේවල් තියෙනවා. 🔹Master Chief ගේ උපදේශිකාව විදිහට කටයුතු කරපු Cortana කියන SI එක ඇසුරෙන් තමයි පසුකාලයේ දි Windows මෙහෙයුම් පද්ධති වල දක්නට ලැබුණු Cortana කියන මෘදුකාංගය පවා නිර්මාණය කරලා තිබුනේ. Sri Lanka Vs World 🔸කියන්නත් කණගාටුයි ! බටහිර රටවල්වල ඉතාමත් ජනප්‍රිය වුනු, වීඩියෝ ක්‍රීඩා ලෝක වාර්තා පවා බිඳ දැමූ මේ ගේම් එක ලංකාවේ නම් හුඟක් ලොකුවට ප්‍රසිද්ධ වුනේ නෑ. Special Facts 🔹"Most Important Launch Game for Any Console Ever" කියන විරුදාවලියෙන් පිදුම් ලබන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒකෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන් මේ ගේම් එක වීඩියෝ ක්‍රීඩා ඉතිහාසයේ කොච්චර වැදගත් සන්ධිස්ථානයක් උසුලන ක්‍රීඩාවක්ද කියලා. 🔸ඇත්තටම මේ ගේම් එක තමයි XBOX වලට Release වුනු පලවෙනි ගේම් එක වුනෙත්. කොහොම වුනත් 2003 වර්ෂයේදී තමයි මේ ගේම් එක PC වලට Release වුනේ. Story, Characters & Places 🔹Super Soldier කෙනෙක් වුනු Spartan John 117 නොහොත් Master Chief තමයි මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ. 🔸Halo නැමැති Ring Shaped Artificial World එක තමයි මේ ගේම් එකේ ප්‍රධාන ස්ථානය වුනේ. මේ ගේම් එකේ Master Chief ගේ ප්‍රධාන සතුරන් විදිහට ඉන්නේ Covenants නමින් හඳුන්වන පිටසක්වල ජීවීන් කොට්ඨාසයක් සහ Floods නමින් හඳුන්වන විකෘතිකයන් කොට්ඨාසයක්. මොවුන්ට එරෙහිව Master Chief විසින් සිදුකරන්නාවූ ක්‍රියාදාමයන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක නිර්මාණය කරලා තිබුනේ. ... Gameplay 🔹මේ ගේම් එක First Person ගේම් එකක් වුණත් Mounted Guns භාවිතයේදී සහ වාහන එලවීමේදී Third Person View එක භාවිතා කරලා තිබුනා. ඒ වගේම 2001 වර්ෂය වනවිට නිර්මාණය කර තිබූ අනෙකුත් වීඩියෝ ක්‍රීඩා වල නොතිබුණු අලුත් දේවල් බොහෝමයක් මේ ගේම් එකේ තිබුනා. Release 🔹මුලදි මේ ගේම් එක Real Time Strategy ගේම් එකක් විදිහට හදන්න තමයි Bungie ආයතනය තීරණය කරලා තිබුනේ. කොහොම වුනත් ඊට පස්සේ ඒ තීරණය වෙනස් කරලා Third Person ගේම් එකක් විදිහට මේ ගේම් එක Develop කරන්න ඔවුන් තීරණය කලා. ඒත් අන්තිමේදී මේ හැම තීරණයක්ම වෙනස් කරලා මේ ගේම් එක First Person ගේම් එකක් විදිහට Release කරන්න ඕනේ කියලා Bungie ආයතනය තීරණය කලා. 🔹මේ ගේම් එකේ දසවන සංවත්සරයට සමගාමීව Combat Evolved Remastered Version එකක් Release කරන්නත් Microsoft ආයතනය කටයුතු කලා. මේ Remastered Version එක තමයි පසුකාලයේදී Halo Master Chief Collection එකට ඇතුලත් කරලා තිබුනේ. Sales & Awards 🔹2005 වර්ෂය වෙද්දි ලොව පුරා මේ ගේම් එකේ Original Copies මිලියන හයකට වඩා අලෙවි වෙලා තිබුනා. Game of the Year ඇතුළු අන්තර්ජාතික සම්මාන හතලිහකට වඩා වැඩි ප්‍රමාණයකින් පිදුම් ලබන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා