Release
Project I.G.I 01 ❤️
Basic Knowledge
Engine
🔹First Person Category එකේ පෙරලියක් සිදුකල ක්‍රීඩාවක් තමයි Project IGI කියන්නේ. ඒ වගේම 1997 වර්ෂයේදී නිකුත් වුනු Joint Strike Force නැමැති Air Combat ගේම් එක නිර්මාණය කරන්න භාවිතා කරපු Engine එකම තමයි Innerloop ආයතනය විසින් මේ ගේම් එක නිර්මාණය කරන්නත් භාවිතා කලේ.
Sri Lanka Vs World
🔸පොඩි කාලේ ඉඳලම PC ගේම්ස් Play කරන ලංකාවේ ඕනම කෙනෙක් මේ ගේම් එක ගැන දන්නවා. ඇත්තටම ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ වුනු ගේම් එකක් තමයි මේ Project IGI ගේම් එක. කොහොම වුනත් බටහිර රටවල්වල නම් මේ ගේම් එක එච්චරම ප්‍රසිද්ධ වුනේ නෑ.
Story, Characters & Locations
🔹 හිටපු බ්‍රිතාන්‍ය SAS නිලධාරියෙකු මෙන්ම IGI ආයතනයේ [ Institute for Geotactical Intelligence ] විශේෂ රහස් නියෝජිතයෙක් වුනු David Jones කියන පුද්ගලයා තමයි මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ. Rebecca Anya තමයි මේ ගේම් එකේ David ගේ ප්‍රධාන උපදේශිකාව ලෙස කටයුතු කලේ. ඒ වගේම හිටපු රුසියානු යුධ සෙබලියක් වුනු Ekk තමයි මේ ගේම් එකේ David ගේ ප්‍රධානම ප්‍රතිවාදියා වුනේ.
🔸රහසිගත හමුදා මෙහෙයුමක් ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක හදලා තිබුනේ. W 88 නැමැති ඇමරිකානු න්‍යෂ්ටික අවිය සොයා ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපද පෙන්ටගනය විසින් David Jones ව එස්තෝනියාවේ Tallinn නගරය වෙත එවනු ලබනවා. එතැන් පටන් එම න්‍යෂ්ටික අවිය සොයා ඔහු කරන්නාවූ ක්‍රියාදාමයන් ඇසුරෙන් තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තිබුනේ.
Gameplay
🔹2000 වර්ෂය වනවිට නිර්මාණය වී තිබූ අනිකුත් පරිගණක ක්‍රීඩා හා සසඳන විට ඉතා උසස් Sound Quality එකකින් සහ Graphic Quality එකකින් යුක්තව තමයි මේ ගේම් එක Release වුනේ. ඇත්තටම ඒ දවස්වල තිබුනු හුඟක් FPS ගේම්ස් වල Gameplay එක සඳහා මනංකල්පිත අවි ආයුධ තමයි භාවිතා කරලා තිබුනේ. AK 47, Spas 12, Desert Eagle වැනි සැබෑ ලෝකයේ භාවිතා වන අවි ආයුධ Gameplay එක සඳහා යොදාගත් ලෝකයේ පලවෙනිම FPS ගේම්ස් වලින් එකක් තමයි Project IGI කියන්නේ.
🔸මේ ගේම් එක Open World ගේම් එකක් නෙමෙයි. ඇත්තටම මේ ගේම් එකේ තිබුන ප්‍රධානම ගැටලුව තමයි Mission එක මැදදි ගේම් එක save කරන්න බැරි වුන එක. ඒ නිසා ඒ දවස්වල තිබුන අමාරුම FPS ගේම්ස් වලින් එකක් තමයි මේ ගේම් එක. ඒ වගේම Lone Wolf ආකෘතියට අනුව තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තිබුනේ. ඒ කියන්නේ මේ ගේම් එකේ බොහෝමයක් මෙහෙයුම් කිසිවෙකුගේ ඍජු ආධාරයක් නොමැතිව තනිවම තමයි Jones විසින් සිදුකරන්නේ.
Special Facts
🔹මේ ගේම් එකේ European Version එක Release වුනේ Project IGI යන නමින් වුනාට North American Version එක Project IGI : I Am Going In කියන නමින් තමයි Release වුනේ.
Sales & Awards
🔸එක්සත් රාජධානියේ විතරක් මේ ගේම් එකේ Original Copies 100,000 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වෙලා තිබුනා. මේ නිසා එක්සත් රාජධානියේ ELSPA සංවිධානය විසින් අලෙවිය වෙනුවෙන් පිරිනමන රිදී සම්මානයෙන් පිදුම් ලබන්නත් මේ ගේම් එකට පුළුවන් වුණා.