11
41

Made Man

නිකුත් කල වර්ෂය-2006
1.029 Votes

Release

  • Year :2006
  • Developer:Silverback Studios
  • Publisher:Aspyr
  • Engine:Renderware
  • Genre:Third Person Shooter
  • Mode:Singleplayer Only
  • Platform:PC [ Windows ] / Playstation 02
  • Rating: 2.5 / 51 times

Made Man

Made Man & Relese

Release

MaxPayne Vs Made Man 🔹මේ ගේම් එක ලංකාවට ආපු දවස්වල හුගක් අය හිතුවේ මේක MaxPayne Series එකට සම්බන්ධ ගේම් එකක් කියලා. ඒත් ඇත්තටම මේ ගේම් එක MaxPayne Series එකට හෝ RockStar Games වලට කිසිම සම්බන්ධයක් නැති ගේම් එකක්. අනිත් එක MaxPayne Series එකට ලැබුණු Positive Reviews මේ ගේම් එකට ලැබුණේ නෑ. Sri Lanka Vs World 🔸ලංකාවේ සැලකිය යුතු පිරිසක් මේ ගේම් එක Play කරලා තියෙනවා. කොහොම වුනත් බටහිර රටවල්වල නම් මේ ගේම් එක එච්චරම ප්‍රසිද්ධ වුනේ නෑ. Story, Characters & Places 🔹1970 දශකයේ නිව්යෝර්ක් නගරයේ සිටි පාතාල කල්ලි හා ඔවුන්ගේ අපරාධයන් ඇසුරින් තමයි මේ ගේම් එක නිර්මාණය කරලා තිබුනේ. සුප්‍රසිද්ධ රචකයෙක් වුනු බ්‍රිතාන්‍ය ජාතික David Fisher තමයි මේ ගේම් එකේ Story එක නිර්මාණය කලේ. මේ සඳහා හිටපු පාතාල කල්ලි නායකයෙකු වුනු ඇමරිකානු ජාතික Salvatore Bonanno හෙවත් Bill ගේ උපදෙස් ලබා ගන්නත් Fisher කටයුතු කරලා තිබුනා. 🔸මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වෙන්නේ Joey Verola නම් හිටපු හමුදා සෙබලෙක්. බෲක්ලින් නගරයේ ජීවත් වන Joey ඇමරිකානු පාතාල කල්ලියකට සම්බන්ධ වීමෙන් අනතුරුව ඔහු විසින් සිදුකරනු ලබන ක්‍රියාදාමයන් සහ වියට්නාම් යුද්ධයේදී ඔහු සිදුකල ක්‍රියාන්විතයන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Gameplay එක නිර්මාණය කරලා තියෙන්නේ. කොහොම වුනත් වැඩිය Advanced නැති ඉතාමත් සරල Story එකක් තමයි මේ ගේම් එකේ තිබුනේ. ... Reviews & Gameplay 🔹ඇත්තටම මේ ගේම් එකට වැඩිපුරම ලැබුනේ Negative Reviews. Sound Quality එකේ තිබුනු ගැටලු තමයි මේ ගේම් එකට Negative Reviews ලැබෙන්න ප්‍රධානම හේතුව වුනේ. හැබැයි මේ ගේම් එකේ Gameplay එකේ නම් ලොකු අවුලක් තිබුනේ නෑ. මේ ගේම් එක Open World ගේම් එකක් නෙමෙයි. General Knowledge 🔸ඇත්තටම Made Man කියන්නේ ලතින් ඇමරිකානු මාෆියා කල්ලිවල තිබෙන නිලයක්. ඒ කියන්නේ හමුදාවේ සාමාන්‍ය සෙබල නිලය වගේ. මාෆියා කල්ලිවල තිබෙන පහලම නිලයට තමයි Made Man කියන්නේ. Special Facts 🔹මේ ගේම් එක ඉස්සෙල්ලම Develop කරන්න පටන් ගත්තේ Acclaim Entertainment එකෙන්. නමුත් මූල්‍ය ගැටලු නිසා 2004 වර්ෂයේදී Acclaim ආයතනය කඩා වැටුණු නිසා Silverback Studios එකෙන් තමයි අන්තිමට මේ ගේම් එක Develop කලේ. මේ ගේම් එක XBOX වලටත් Release කරන්න Silverback ආයතනය සිතාගෙන සිටියත් පසුව එම අදහස වෙනස් කරලා XBOX වලට මේ ගේම් එක Release නොකරන්න ඔවුන් තීරණය කලා. ඒ වගේම Mastertronic ආයතනය තමයි මේ ගේම් එකේ Playstation Version එකේ Publisher විදිහට කටයුතු කලේ.

Parents Guide

    System Requirements

  • 🔸Processor Pentium 4 2.0 GHZ
  • 🔹Ram 512 MB
  • 🔹VGA Geforce 5200 256 MB
  • 🔹Sound Card Direct X 9.0 C
  • 🔹OS Windows XP
  • 🔹Space 1.5 GB
  • Platform:PC [ Windows ] / Playstation 02
  • Rating: 17 / 1032 times

  • Parents Guide

    • ESRB Rating - 17+ - [ Blood ]- [ Drug Reference ]-[ Violence & Sexual Contents ]- [ Bad Language ]
    • SL Gamehub Rating - 14+

Reviews