Release
Need For Speed Series 2010
Need For Speed Series 🔸 Need For Speed Series එකේ දහසය වෙනි ගේම් එක විදිහටත් NFS PC Series එකේ පහලොස් වෙනි ගේම් එක විදිහටත් තමයි මේ ගේම් එක Release වුනේ. Need For Speed : Shift ගේම් එක Release වෙලා වසරකට පසුව තමයි මේ ගේම් එක Release වුනේ. Hot Pursuit Series 🔹ඇත්තටම ක්‍රි.ව.1998 දී Release වුනු Need For Speed : Hot Pursuit සහ ක්‍රි.ව.2002 දී Release වුනු Need For Speed : Hot Pursuit 02 කියන ගේම්ස් ඇසුරින් තමයි මේ ගේම් එක නිර්මාණය වුනේ. ඒ කියන්නේ පරණ Hot Pursuit Series එකේ Reboot Version එකක් විදිහට තමයි මේ ගේම් එක නිර්මාණය කරන්න පටන් ගත්තේ. Campaign & Circuits 🔹 මේ ගේම් එකේ Story එකක් තිබුනේ නෑ. නමුත් අති විශිෂ්ට Singleplayer Career Mode එකක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. Racer සහ Cop යනුවෙන් මේ Career Mode එක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා තිබුනා. නීති විරෝධී මෝටර් රථ ධාවන තරඟ වල යෙදෙන Street Racer කෙනෙක් වීමේ අවස්තාව Racer Mode එක හරහා ක්‍රීඩකයාට හිමිවුණා. ඒ වගේම නීති විරෝධී මෝටර් රථ ධාවන තරඟ වල යෙදෙන්නන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකු වීමේ අවස්තාව Cop Mode එක හරහා ක්‍රීඩකයාට ලබා දෙන්නටත් මේ ගේම් එකේ Developer Team එක කටයුතු කරලා තිබුනා. 🔸 ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට සමීප නගරයන් වුනු California, Oregon සහ Washington යන නගර කේන්ද්‍ර කරගනිමින් තමයි මේ ගේම් එකේ ප්‍රධාන ස්ථානය වුනු Seacrest Country නැමැති මනංකල්පිත භූමි ප්‍රදේශය නිර්මාණය කරලා තිබුනේ. Gameplay 🔹ඇත්තටම මේ ගේම් එක Open World ගේම් එකක්. Free Drive නැමැති නව අංගයක් හරහා තමයි මේ Open World අත්දැකීම ක්‍රීඩකයාට ලබා දීලා තිබුනේ. ඒ වගේම මේ ගේම් එකට Sprint, Duel, Gauntlet, Hot Pursuit, Intercepter, Preview, Time Trial, Rapid Response වැනි තරඟ රටා කිහිපයක්ම ඇතුලත් කරලා තිබුනා. ඒ දවස්වල හුඟ දෙනෙක් මේ ගේම් එක හැඳින්වූයේ 3 in 1 ගේම් එකක් විදිහට යි. Racer, Cop සහ Free Drive යන Option තුනම මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබා දීම එලෙස හැඳින්වීමට ප්‍රධාන හේතුව වුණා. 🔸ඇත්තටම මේ ගේම් එක සාමාන්‍ය Racing ගේම්ස් වලට වඩා වෙනස් වුනු Action Based Racing Category එකට ඇතුලත් වුනු ගේම් එකක්. Spike Strip, Radar Jamming, Road Block, Helicopter Spikes, Turbo, සහ Electro Magnetic Pulse හෙවත් EMP යන විශේෂ හැකියාවන් යොදාගනිමින් තරඟ වලට සහභාගි වීමේ අවස්තාව මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. 🔹 මෝටර් රථ Modify කිරීමේ හැකියාව සහ මෝටර් රථ Tune කිරීමේ හැකියාව මේ ගේම් එකේ තිබුනේ නෑ. මෝටර් රථවල පාට වෙනස් කිරීමේ හැකියාව විතරයි මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනේ. Special Facts 🔸 එසේම 2002 වසරේදී නිකුත් වුනු Hot Pursuit 02 ගේම් එකෙන් පසුව ක්‍රීඩකයාට පොලිස් නිලධාරියෙකු වීමේ හැකියාව ලබාදුන් පලමු Need For Speed ගේම් එක වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. 🔹 Rabbit Vs Dog කියන සංකල්පයට අනුව තමයි මේ ගේම් එක හදන්න පටන් අරන් තිබුනේ. ඒ කියන්නේ වේගවත්, නම්‍යශීලී සාවුන් Racers ලා විදිහටත් සාවුන් පසුපස එලවන බුද්ධිමත්, ශක්තිමත් සුනඛයින් Cops ලා විදිහටත් සලකලා තමයි Developer Team එක ගේම් එක හදලා තිබුනේ. ඒ වගේම මේ ගේම් එක තමයි Traffic Vehicles සඳහාත් සැබෑ ලෝකයේ භාවිතා වන රථ මාදිලි යොදාගත් පලමු Need For Speed ගේම් එක වුනේ. 🔹 Burnout Paradise ගේම් එක හරහා Criterion Team එක ලබා ගත්තු සාර්ථකත්වය හා ජනප්‍රියත්වය නිසා තමයි EA Games එක මේ ගේම් එක Develop කිරීමේ කාර්යය Criterion එකට ලබාදුන්නේ. සැතපුම් සියයක දුරකින් යුතු Open World එකක් නිර්මාණය කිරීම තමයි ඔවුන්ට ලැබුණු මුල්ම අභියෝගය වුනේ. ඇත්තටම Burnout Paradise ගේම් එකේ Map එකට වඩා සතර ගුණයක් විශාල Map එකක් තමයි මේ ගේම් එකේ තිබුනේ. Battlefield Series එක හදපු DICE Team එකේ සමහර අයත් මේ ගේම් එකේ Open World Map එක හදන්න Criterion Team එකට තම සහයෝගය ලබා දුන්නා. 🔸Edge Of The Earth නැමැති Song එක තමයි මේ ගේම් එකේ Theme Song එක විදිහට භාවිතා කරලා තිබුනේ. Multiplayer 🔸ඒ වගේම ඒ දවස්වල තිබුන හොඳම Multiplayer Racing ගේම් එකක් විදිහටත් මේ ගේම් එක ප්‍රසිද්ධ වුණා. මේ ගේම් එකේ Multiplayer Mode එක ප්‍රසිද්ධ වෙන්න Autolog නැමැති නව අංගය හුඟක්ම බලපෑව බව තමයි විශ්ලේෂකයෝ සඳහන් කරලා තිබුනේ. මේ ගේම් එකටම වෙන්වුණු Facebook Version එකක් විදිහට තමයි සමහරු මේ Autolog Option එක හඳුන්වලා තිබුනේ. කොහොම වුණත් 2012 වසරේ ජූලි මාසයෙන් පසු මේ ගේම් එකට සම්බන්ධ Autolog එක Shut Down කිරීමට Electronic Arts ආයතනය තීරණය කලා. ... Cars 🔹Alfa Romeo, Aston Martin, Audi, Bentley, BMW, Bugatti, Chevrolet, Dodge, Ford, Jaguar, Koenigsegg, Lamborghini, Maserati, Mazda, Mclaren, Mercedes Benz, Mitsubishi, Nissan, Pagani, Porsche, Subaru සහ Carbon Motors යන මෝටර් රථ සමාගම් වල මෝටර් රථ මාදිලි බොහෝමයක් මේ ගේම් එකේ Original ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. මේ හැම මෝටර් රථයක්ම එම සමාගම්වල අවසරය සහිතව තමයි මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනේ. One Million Challenge 🔸මේ ගේම් එක Release වුනත් එක්කම ඊට සමගාමීව One Million Challenge නැමැති වැඩසටහනක් ආරම්භ කිරීමට Electronic Arts ආයතනය කටයුතු කලා. දවස් 17 ක් ඇතුලත Hot Pursuit Official Launch Trailer එකට YouTube Views මිලියනයක් ලැබුනහොත් නව මෝටර් රථ මාදිලි තුනකින් සමන්විත DLC Pack එකක් නොමිලේ ලබා දෙන බව ප්‍රකාශ කරමින් තමයි ඔවුන් එය ආරම්භ කලේ. එම දවස් 17 ඇතුලත YouTube Views මිලියනයකට ආසන්න ප්‍රමාණයක් එම Trailer එකට ලැබුනු නිසා නව DLC Pack එක Release කරන්නත් ඔවුන් කටයුතු කලා. Downloadable Contents & Special Editions 🔹මීට අමතරව මේ ගේම් එකේ XBOX සහ Playstation Versions සඳහා නව මෝටර් රථ මාදිලි සහ නව තරඟ ඇතුලත් වුනු බොහෝ DLC Packs Release වුනා. ඒත් අවාසනාවකට වගේ බොහෝමයක් DLC Packs PC Version එකට Release වුනේ නෑ. 🔸ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන්ම නිර්මාණය කල Hot Pursuit : EA Crew Edition එක DVD Pack එකක් ලෙස PC වලට විතරක් Release කරන්නත් Electronic Arts ආයතනය කටයුතු කලා. මේ Crew Edition එකට Original ගේම් එකට ඇතුලත් කර නොතිබුණු අලුත් මෝටර් රථ මාදිලි 07 ක් එකතු කරලා තිබුනා. ඒ වගේම මේ DVD එක නැවත විකිණීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීති ගත කරලා තමයි කාර්ය මණ්ඩලයට ලබා දුන්නේ. 🔹ඒ වගේම මේ ගේම් එක වෙනුවෙන්ම නිර්මාණය කල Playstation 03 කිහිපයක් Collector'S Edition නමින් Release කරන්නත් EA ආයතනය කටයුතු කලා. Demo 🔸 මේ ගේම් එකේ Demo එක විතරක් මිලියන දෙකකට වඩා වැඩි පිරිසක් Download කරලා තිබුනා. Need For Speed ඉතිහාසයේ වැඩිම දෙනෙක් Download කරපු ජනප්‍රියතම Demo එකේ වාර්තාව තමන් සතු කරගැනීමටත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. Sales & Awards 🔹 1998 දී Release වුනු Hot Pursuit ගේම් එකට පස්සේ E3 සම්මානයක් දිනපු පලවෙනි Need For Speed ගේම් එක වුනෙත් මේ ගේම් එක. Forza MotorSport 04 සහ Gran Turismo 05 කියන ගේම්ස් පරාජය කරලා තමයි මේ ගේම් එක ඒ සම්මාන දිනා ගත්තේ. ඇත්තටම Need For Speed Series එක වෙතින් ගිලිහී යමින් තිබුනු ජනප්‍රියත්වය සහ ගෞරවය නැවතත් NFS Series එකට ලබා දීමට මේ ගේම් එක සමත් වුණා. ඒ දවස්වල Release වුනු Call Of Duty : Black Ops සහ Assassin'S Creed : Brotherhood යන ගේම් වලටත් වඩා වැඩි ජනප්‍රියත්වයක් ලබා ගැනීමට මේ ගේම් එක සමත් වුනු බව තමයි වාර්තාවල සඳහන් වුනේ. 🔸 Gran Turismo 05 ගේම් එකේ අලෙවිය ඉතා පහල මට්ටමක පැවතීමට ඍජුවම හේතු වුනේ මේ ගේම් එක කියලා තමයි හුගක් විශ්ලේෂකයෝ ඒ දවස්වල කිව්වේ. ඇමරිකාවේ පමණක් පලමු සති දෙක තුල Hot Pursuit ගේම් එකේ Original Copies 417,000 ක් අලෙවි වෙලා තිබුනා. ඒ වගේම මාස පහක් ඇතුලත මේ ගේම් එකේ Original Copies මිලියන පහක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. 🔸 Need For Speed Series එකේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරපු ගේම් එකක් තමයි මේ ගේම් එක. ඒ වගේම NFS Series එකේ හොඳම ගේම්ස් වලින් එකක් විදිහට තමයි අදටත් මේ ගේම් එක සැලකෙන්නේ. ඒ වගේම Need For Speed Series එකේ Graphic Quality එක සහ Gameplay Quality එක නව මානයකට රැගෙන යන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඇත්තටම Criterion Team එක විසින් මේ ගේම් එක Develop කරපු නිසා තමයි මේ තරම් හොඳ ගේම් එකක් Release කරන්න EA Games එකට හැකියාව ලැබුනේ. 🔹 Best Racing Game, Best Driving Game, Best Racing Multiplayer, Best Graphics, Best Arcade Racer, Best XBOX Racer, Best Competitive Multiplayer, Most Improved Franchise Game, Fastest Racer ඇතුළු අන්තර්ජාතික සම්මාන තිහකට අධික සංඛ්‍යාවක් දිනා ගැනීමටත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. 🔸 ඒ වගේම ලෝක ප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා විශ්ලේෂන Website එකක් වුනු IGN ආයතනය විසින් ලබාදෙන Editor's Choice Award එක දිනා ගන්නත් මේ ගේම් එකට පුලුවන් වුණා. එසේම Highest Rated Racing Games Of All Time ලේඛනයට ඇතුලත් වීමේ අවස්තාවත් මේ ගේම් එකට ලැබුනා. Remastered Version 🔹 මේ ගේම් එකේ දසවන සංවත්සරය වෙනුවෙන් Need For Speed : Hot Pursuit Remastered නැමැති අලුත් ගේම් එකක් 2020 වර්ෂයේදී නිකුත් කරන්නටත් Electronic Arts ආයතනය කටයුතු කලා. Need For Speed Series එකේ පලවෙනි Remastered ගේම් එක විදිහට ඉතිහාස ගත වන්නටත් මේ ගේම් එකට එමඟින් හැකියාව ලැබුනා.