Release
Race Driver Grid 01
🔸Grid Series එකේ පලවෙනි ගේම් විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. ඇත්තටම ලංකාවේ නම් හුඟක් ප්‍රසිද්ධ වුනු ගේම් Series එකක් නෙමෙයි Grid කියන්නේ. ඒ වුණාට දැනට ලෝකයේ බිහිවුනු විශිෂ්ටතම Track Based Racing Series වලින් එකක් තමයි Grid කියන්නේ. Campaign & Circuits 🔸මේ ගේම් එකේ Story එකක් තිබුනේ නෑ. Story එකක් නොතිබුනත් හොඳ Singleplayer Career Mode එකක් මේ ගේම් එකේ තිබුනා. ඇත්තටම NFS Shift ගේම් එකට හොඳ සටනක් දෙන්නත් මේ ගේම් එකට පුළුවන් වුණා. NFS Shift ගේම් එක Release වුනාට පස්සේ සමහරක් විශ්ලේෂකයන් කිව්වේ මේ ගේම් එක Shift එකට වඩා හොඳට නිර්මාණය කරලා තියෙනවා කියලයි. 🔸මේ ගේම් එකේ Tracks හෙවත් ධාවන පථ හදලා තිබුනේ යුරෝපය, ඇමරිකාව සහ ජපානය කේන්ද්‍ර කරගෙනයි. සැබෑ ලෝකයේ භාවිතා කරන සැබෑ ධාවන පථ වගේම මනංකල්පිත ධාවන පථ ද මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. ඒ වගේම අතීතයේ දී යොදාගත් නමුත් වර්තමානයේ දී තරඟ පැවැත්වීම සඳහා භාවිතා නොකරන Detroit Street Circuit එක සහ Washington Street Circuit එක මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. 🔹Formula තරඟ වගේම Demolition Derby තරඟත් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ Le Mans Circuit එක සහ Spa Circuit එකත් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. Gameplay 🔹ඇත්තටම පලවෙනි වතාවට Racing ගේම් එකක් ගහන්න හිතන් ඉන්න කෙනෙක්ට නම් මේ ගේම් එක Recommend කරන්නේ බැහැ. මොකද මේ ගේම් එක NFS වගේ ඕනෑම කෙනෙක්ට ලේසියෙන් Play කරන්න පුළුවන් ගේම් එකක් නෙමෙයි. මොකද Advanced Handling System එකක් තමයි මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනේ. 🔸ඒ වගේම හුඟක් Racing ගේම්ස් වල දකින්නට නොලැබෙන Real Damage System එකක් තමයි මේ ගේම් එකේ තිබුනේ. ඒ කියන්නේ තරඟය සඳහා භාවිතා කරන මෝටර් රථය වෙනත් මෝටර් රථයක හෝ වෙනත් ස්ථානයක හැප්පුනොත් හැප්පෙන වේගය සහ කෝණය අනුව Damage එකේ තරම තීරණය වෙන ආකාරයට තමයි මේ ගේම් එක හදලා තිබුනේ. ඒ වගේම තරඟය සඳහා භාවිතා කරන මෝටර් රථයේ රෝදයක් Damage වුනොත් එම රථයේ වේගය අඩාල වී රථය නිසියාකාරව පාලනය කරගැනීමට නොහැකි වන විදිහට තමයි මේකෙ Gameplay එක හදලා තිබුනේ. 🔹මේ විදිහේ අමාරු Gameplay එකක් යොදාගෙන මේ ගේම් එක හදලා තිබුනු නිසා ක්‍රීඩකයාට යම් කිසි ආකාරයක පහසුවක් සලසන්නටත් CodeMasters ආයතනය කටයුතු කර තිබුනා. ඒ තමයි Flashback කියන Option එක. ක්‍රීඩා කරමින් සිටින තරඟය තප්පර දහයක් පිටුපසට Rewind කිරීමේ අවස්තාව මෙමඟින් ක්‍රීඩකයාට හිමිවුණා. නමුත් මේ Option එක හැමවෙලාවකම භාවිතා කරන්නට ක්‍රීඩකයාට හැකියාවක් තිබුනේ නෑ. එය භාවිතා කිරීමේ යම්කිසි සීමාවක් තිබුනා. කෙසේ වෙතත් මෝටර් රථය ධාවන පථයෙන් ඉවත් වූ අවස්තාවලදී මෙන්ම අනතුරක් සිදු වුනු අවස්තාවලදී ද මෙම Flashback Option එක ප්‍රයෝජනවත් වුණා. ... Cars 🔸Aston Martin, Audi, BMW, Chevy, Courage, Creation, Dallara, Dodge, Ford, TVR, Honda, Jedi, Jupiter, Koenigsegg, Volkswagen, Lamborghini, Lola, Mazda, Mclaren, Volvo, Mitsubishi, Nissan, Pagani, Panoz, Plymouth, Pontiac, Porsche, Saleen, Spyker, Subaru සහ Toyota යන Brands වලින් මෝටර් රථ මාදිලි 50 කට ආසන්න සංඛ්‍යාවක් මේ ගේම් එකේ PC සහ XBOX Version වලට යොදාගෙන තිබුනා. 🔹Eight Ball Pack සහ Prestige Pack නැමැති Downloadable Content හෙවත් DLC Pack දෙකක් මේ ගේම් එකට ආවා. මේ දෙකෙන් PC වලට සහ XBOX වලට ආවේ 8 Ball Pack එක විතරයි. Prestige Pack එක Playstation වලට විතරක් Release කරන්න CodeMasters සමාගම කටයුතු කලා. Prestige Pack එකට Bugatti, Ferrari, Jaguar, Lotus සහ Mercedes Benz යන Brands වලින් අලුත් මෝටර් රථ මාදිලි කිහිපයක් එකතු කරලා තිබුනා. මේ නිසා මේ ගේම් එකේ Playstation Version එකට මෝටර් රථ මාදිලි 60 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුලත් වෙලා තිබුනා. Awards 🔸2008 වර්ෂය වනවිට Release වෙලා තිබුනු ගේම්ස් අතරින් හොඳම ගේම්ස් 50 ට පවා ඇතුලත් වන්නටත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒ වගේම 2008 වර්ෂයේ Best Racing Game Title එක Win කරන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා.