Release
Ride
Ride 01
ReleaseRide Series & Release 🔸දැනට ලෝකයේ තියෙන හොඳම Motorbike Racing Series වලින් එකක් තමයි මේ Ride Series එක. මේ Ride Series එකේ පලවෙනි ගේම් එක විදිහට තමයි මේ ගේම් එක 2015 වර්ෂයේදී Release වුනේ. ඒ වගේම මේ Ride Series එක Develop කරන Milestone SRL ආයතනය විසින් තමයි අපි හැමෝම වගේ දන්න වර්ථමාන Moto GP ගේම් Series එක Develop කරන්නෙත්. 🔸Milestone SRL ආයතනය විසින් 2014 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී තමයි මේ වගේ ගේම් එකක් Release වෙන බවට මුල්වරට ප්‍රකාශ කලේ. මේ ගේම් එක Release වුනු දවස්වල සමහරක් විශ්ලේෂකයෝ මේ ගේම් එක හැඳින්වූයේ " Forza Motorsport With Bikes " කියන නමින්. ඇත්තටම කවදාවත් Motorbike Racing ගේම් එකක් Play කරලා නැති පලමු වතාවට Motorbike Racing ගේම් එකක් ක්‍රීඩා කිරීමට සිතාගෙන සිටින අය සඳහා වඩාත් සුදුසුම Motorbike Racing Series එක තමයි Ride Series එක. Campaign & Circuits 🔹යතුරුපැදි ධාවන තරඟ පැවැත්වීම සඳහා භාවිතා කරන සැබෑ ධාවන පථ සහ සැබෑ නගර සහ මාර්ගයන් ඇසුරින් නිර්මාණය කල ධාවන පථ බොහෝමයක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව යන රටවල්වල තිබෙන සැබෑ ස්ථාන 15 ක් ඇසුරින් තමයි මෙම ධාවන පථ නිර්මාණය කරලා තිබුනේ. එසේම මෙම ධාවන පථ Grand Prix Circuits, Country Circuits සහ City Circuits ලෙස ප්‍රධාන කොටස් තුනකට වෙන් කරලා තිබුනා. 🔸ඒ වගේම මේ ගේම් එකේ Story එකක් තිබුනේ නෑ. නමුත් World Tour නැමැති හොඳ Singleplayer Career Mode එකක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. ඒ වගේම මේ World Tour Mode එක ප්‍රධාන කොටස් අටකට වෙන් කරලා තිබුනා. [ Modern Superbikes, Historic Superbikes, Premium, Pro Circuit, Super Sports, Naked Bikes Middleweight, Naked Bikes Heavyweight & Open ] Bikes 🔹Aprilia, Bimota, BMW, Honda, KTM, Suzuki, Triumph, Yamaha, Ducati, Kawasaki, MV Agusta, Energica, EBR, Lightning යන Brands වලින් යතුරු පැදි සියයකට වඩා වැඩි ප්‍රමාණයක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. 1987 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා නිපදවූ අධි බලැති යතුරු පැදි [ 250 CC - 1300 CC ] බොහෝමයක් මේ ගේම් එකේ තිබුනා. ... Gameplay & Multiplayer 🔸යතුරු පැදිය ධාවන පථයෙන් ඉවත් වූ අවස්තාවකදී හෝ යතුරු පැදිය අනතුරකට ලක් වූ අවස්තාවකදී භාවිතා කල හැකි Rewind System එකක් මේ ගේම් එකේ තිබුනා. ක්‍රීඩා කරමින් සිටින තරඟය තප්පර කිහිපයක් පසුපසට Rewind කිරීමේ අවස්තාව මේ හරහා ක්‍රීඩකයාට හිමිවුණා. එසේම ක්‍රීඩකයාට කැමති ආකාරයෙන් යතුරු පැදියේ බාහිර පෙනුම සහ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමේ අවස්තාව මේ ගේම් එක මඟින් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. මීට අමතරව තමන් කැමති ආකාරයේ රියදුරෙක් නිර්මාණය කරගැනීමේ අවස්තාවත් මේ ගේම් එක මඟින් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. 🔹මේ ගේම් එක Open World ගේම් එකක් නෙමෙයි. කොහොම වුනත් මේ ගේම් එකට Championship, Time Trial, Drag Race, Endurance වැනි තරඟ රටා කිහිපයක්ම ඇතුලත් කරලා තිබුනා. ඒ වගේම මේ ගේම් එකේ Multiplayer Mode එක හරහා එකවර ක්‍රීඩකයින් දොළොස් දෙනෙකුට මේ ගේම් එක ක්‍රීඩා කිරීමේ අවස්තාව ලබා දීලා තිබුනා. ඒ වගේම එකවර ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රීඩා කල හැකි Split Screen Mode එකකුත් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා.