11
9141

Sniper Art Of Victory

නිකුත් කල වර්ෂය-2008
1.029 Votes

Release

  • වර්ෂය :2008
  • Developer:City Interactive [ CI Games ]
  • Publisher:City Interactive [ CI Games ]
  • Engine:Chrome Engine 02
  • Genre:First Shooter Shooter
  • Mode:Singleplayer Only
  • Platform:PC-Windows - XBOX 360 / PlayStation 03
  • Rating: 8.5 / 161 times

Sniper Series

Sniper Series & Relese 🔸Sniper Series එකේ පලවෙනි කතාංගය විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. කොහොම වුනත් පසුකාලයේදී Release වුනු Sniper Ghost Warrior කතාමාලාවට ලැබුනු තරම් ප්‍රසිද්ධියක් නම් මේ ගේම් එකට ලැබුනේ නෑ. Story, Characters & Places 🔹දෙවන ලෝක යුද්ධය ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක නිර්මාණය කරලා තිබුනේ. ඒ වගේම රුසියානු රතු හමුදාවේ සේවය කල Sniper භටයෙක් තමයි මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ. ඒ වගේම නාසි හමුදාවේ හිටපු ජෙනරාල් වරයෙක් ඇසුරෙන් තමයි මේ ගේම් එකේ ප්‍රධාන සතුරාව නිර්මාණය කරලා තිබුනේ. එසේම 1942 වර්ෂයේ සිට 1943 වර්ෂය දක්වා පැවති Stalingrad වික්‍රමය ඇසුරෙන් තමයි මේ ගේම් එකේ බොහෝමයක් Missions නිර්මාණය කරලා තිබුනේ. 🔸ඇත්තටම මේ Stalingrad වික්‍රමයේදී Sniper කණ්ඩායම් යොදාගෙන ජර්මානු සේනාංක වලට දැවැන්ත හානියක් සිදුකිරීමට රුසියානු රතු හමුදාව සමත් වුණා. Stalingrad නගරය වටලාගෙන සිටි සයවන පාබල සේනාංකය සහ සන්නද්ධ රථ වලින් සමන්විත වුනු සතරවන Panzer බල ඇණිය විනාශ කිරීම තමයි මේ Sniper කණ්ඩායම් වලට ලැබුනු ප්‍රධානතම කාර්යභාරය වුනේ. මෙම Sniper කණ්ඩායම් විසින් නොසිතූ අවස්ථාවල එල්ල කල ප්‍රහාර නිසා ජර්මානු හමුදාව විසින් දියත්කල මෙහෙයුම් විශාල ප්‍රමාණයක් අසාර්ථක වුණා. ඒ නිසාම ලෝක ඉතිහාසයේ සාර්ථකම Sniper මෙහෙයුම් දියත් කල සටන් වලින් එකක් විදිහටත් මේ Stalingrad වික්‍රමය පසුකාලයේදී ලෝක ඉතිහාසයට එකතු වුණා. 🔹ඉතාලි, ජර්මානු සහ රුමේනියානු හමුදා කණ්ඩායම් වලට විරුද්ධව මෙම Sniper සෙබලා විසින් සිදුකරන්නාවූ ක්‍රියාදාමයන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Gameplay එක නිර්මාණය කරලා තිබුනේ. කොහොම වුනත් හුඟක් ලොකු Story එකක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනේ නෑ. ඇත්තටම මෙහෙයුම් අටක් පමණයි මේ ගේම් එකේ තිබුනේ. Gameplay 🔸මේ ගේම් එක Play කිරීමේදී Map එක භාවිතා කිරීම ඉතාම වැදගත්. ක්‍රීඩකයා යා යුතු ස්ථානය, ක්‍රීඩකයා විසින් අවධානය යොමුකල යුතු වෙනත් ස්ථාන, Snipe කිරීම සඳහා සුදුසු ස්ථාන, සතුරන් සිටින ස්ථාන ඇතුළු තවත් වැදගත් දේවල් කිහිපයක්ම මේ Map එක මඟින් ක්‍රීඩකයාට පෙන්වා දුන්නා. ... 🔹 Sniper Rifles භාවිතා කරමින් තමයි ක්‍රීඩකයා විසින් සතුරන්ව පරාජය කල යුත්තේ. ඒ වගේම Sniper Rifles යොදාගෙන සතුරාගේ හිසට හෝ හිස ආසන්නයට වෙඩි තැබීමේදී වෙඩි උණ්ඩය ඉලක්කය වෙත ගමන් කරන දර්ශනය ක්‍රීඩකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම Advanced Ballistic System එකක් යොදාගෙන තමයි මේ ගේම් එකේ Gameplay එක නිර්මාණය කරලා තිබුනේ. ඒ කියන්නේ සුලඟේ වේගය, සුලඟේ දිශාව සහ හුස්ම ගැනීමේ වේගය අනුව උණ්ඩයේ ගමන් මාර්ගය වෙනස් වෙන විදිහට තමයි මේ ගේම් එක හදලා තිබුනේ. ඒ නිසා Sniper Rifles යොදාගෙන වෙඩි තැබීමේදී ඉහත කාරණා ගැන ක්‍රීඩකයා සැලකිලිමත් විය යුතුයි. 🔸මේ ගේම් එක Lone Wolf ආකෘතියට අනුව නිර්මාණය කරපු ගේම් එකක්. ඒ කියන්නේ මේ ගේම් එකේ බොහෝමයක් මෙහෙයුම් කිසිවෙකුගේ ආධාරයක් නොමැතිව තනිවම තමයි ක්‍රීඩකයා විසින් සිදුකල යුත්තේ. Versions ඒ වගේම ජර්මනිය වෙනුවෙන් වෙනම Version එකක් නිකුත් කරන්නත් City Interactive ආයතනයට සිදුවුණා. හිට්ලර්ගේ ස්වස්ථික ලකුණ වෙනුවට වෙනත් ලකුණක් ඇතුලත් කරලා තමයි මේ German Version එක නිර්මාණය කරලා තිබුනේ.

Parents Guide
  • 🔸Processor Core 2 Duo 2.2 GHZ
  • 🔹Ram 2 GB
  • 🔹VGA Geforce 6800 256 MB
  • 🔹Sound Card Direct X 9.0C
  • 🔹OS Windows 7
  • 🔹Space 2 GB
  • Platform:PC Only [ Windows]
  • Rating: 17 / 232 times

  • Parents Guide

    • No Sexual Contents
    • ESRB Rating - 17+ [ Blood & Violence ]
      [ Strong Language ]
    • SL Gamehub Rating - 12+

Reviews