11
31

Witcher 01

නිකුත් කල වර්ෂය-2007
3.029 Votes

Release

  • Year :2007
  • Developer:CD Projekt Red
  • Publisher:Atari
  • Engine:Aurora
  • Genre:Third Person Adventure
  • Mode:Singleplayer Only
  • Platform:PC Only [ Windows & Mac OS ]
  • Rating: 2.5 / 261 times

Witcher Series

Witcher 01 & Relese Release 🔸 Third Person Category එකේ වෙනසක් කරපු තවත් ගේම් Series එකක් තමයි Witcher කියන්නේ. Witcher Series එකේ පලවෙනි ප්‍රධාන කතාංගය වුනු මේ ගේම් එක පෝලන්ත බසින් හඬ කවපු Version එකක් විදිහට තමයි ඉස්සෙල්ලම Release වුනේ. 🔹 පෝලන්ත ජාතික Andrzej Sapkowski විසින් රචිත The Witcher නැමැති මනංකල්පිත නවකතා මාලාව ඇසුරින් තමයි Witcher කියන ගේම් Series එක හදලා තියෙන්නේ. The Witcher කියන කතා මාලාව ඇත්තටම Multimedia Franchise එකක්. ඒ කියන්නේ මේ නවකතා මාලාව හරහා නිර්මාණය වුනු වීඩියෝ ගේම්ස්, TV Series, චිත්‍රපට, චිත්‍ර කතා ඇතුළු තවත් නිර්මාණ බොහෝමයක් තියෙනවා. Story, Characters & Places 🔹අස්වාභාවික බලයන් තිබුනු Geralt Of Rivia නැමැති Witcher තමයි මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ. රාක්ෂයින් සහ විවිධාකාර වූ අද්භූත සතුන් දඩයම් කරන එක තමයි මෙයාගේ රැකියාව වුනේ. ඒ කියන්නේ මෙයා Monster Hunter කෙනෙක්. ඇත්තටම මෙයා Rivia කියන ප්‍රදේශයේ උපත ලද කෙනෙක් හෝ එම ප්‍රදේශයේ ජීවත් වුනු කෙනෙක් නෙමෙයි. 🔸 මධ්‍යතන යුගය කේන්ද්‍ර කරගනිමින් තමයි මේ ගේම් එකේ තිබුන ගොඩනැඟිලි, ඇඳුම් පැලඳුම්, ආයුධ, වටපිටාව සහ පරිසරය නිර්මාණය කරලා තිබුනේ. Flaming Rose නැමැති අන්තවාදී ආගමික කණ්ඩායමේ නායකයා වුනු Jacques De Aldersberg තමයි මේ ගේම් එකේ Geralt ගේ ප්‍රධානම ප්‍රතිවාදියා වුනේ. 🔹 Sapkowski විසින් රචිත The Witcher නැමැති Original නවකතා මාලාවේ අවසාන නවකතාව වුනු The Lady Of The Lake නම් කතාවේ තිබූ අවසාන සිදුවීම් වලට අවුරුදු පහකට පසු ක්‍රි.ව.1270 දී Timerian රාජධානිය තුල සිදුවන්නාවූ ක්‍රියාකාරකම් ඇසුරින් තමයි මේ ගේම් එකේ Story එක හදලා තියෙන්නේ. 🔸 Geralt රැඳී සිටින Kaer Morhen නම් බලකොටුවට Salamandra නැමැති සන්නද්ධ කණ්ඩායමක් පහර දෙනවා. ඉන්පසු ඔවුන් විසින් එහි තිබූ විකෘති කාරක, රසායනික සූත්‍ර සහ තවත් රහස්‍ය ලියකියවිලි පැහැරගෙන යනවා. ඔවුන් පසුපස ලුහුබඳිමින් Timerian අගනගරය වන Vizima වෙත පැමිණෙන Geralt විසින් Salamandra කණ්ඩායමේ නායකයා සොයා සිදු කරන්නාවූ ක්‍රියාදාමයන් ඇසුරෙන් තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තිබුනේ. Gameplay 🔹 Steel Blade සහ Silver Sword නැමැති කඩු දෙක තමයි Geralt ගේ ප්‍රධානතම ආයුධ දෙක වුනේ. මිනිසුන් සහ සාමාන්‍ය සතුන් සමඟ සටන් කිරීමට Steel Blade එක යෝග්‍ය වුනත් Silver Sword නැමැති කඩුව තමයි අස්වාභාවික මෘගයින් සහ රාක්ෂයින් සමඟ සටන් කිරීම සඳහා වඩාත් යෝග්‍ය වුනේ. ඒ වගේම Fast, Strong සහ Group කියලා ප්‍රධාන සටන් ක්‍රම තුනක් මේ ගේම් එකේ තියෙනවා. ප්‍රතිවාදීන්ගේ චර්යාවට සහ විශාලත්වයට ගැලපෙන අයුරින් තමයි මේ සටන් ක්‍රම ක්‍රීඩකයා විසින් භාවිතා කල යුත්තේ. 🔸 හුඟක් දෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ ගේම් එක Open World ගේම් එකක් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. ඇත්තටම මේ ගේම් එක Open Ended ගේම් එකක්. ඒ කියන්නේ මේ ගේම් එක Open World ගේම් එකක් නොවුනත් Open World ගේම් එකක තියෙන සමහරක් ගුණාංග මේ ගේම් එකට ඇතුලත් වෙලා තිබුනා. සීමාසහිත කුඩා ප්‍රදේශයක් තුල ක්‍රීඩකයාට කැමති ආකාරයකින් ක්‍රීඩා කිරීමේ අවස්තාව මේ ගේම් එක මඟින් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. 🔸 මේ ගේම් එකේ Geralt කියන්නේ Witcher කෙනෙක් නිසා විවිධාකාර වූ මායා පානයන් නිපදවා ගැනීමේ හැකියාව ඔහු සතුව පවතිනවා. මෙම පානයන් මඟින් Health Regeneration, Endurance Regeneration, අඳුරේදී පෙනීම ඇතුළු විවිධ හැකියාවන් Geralt ට ලබා දෙනවා. ක්‍රීඩකයා විසින් තමයි මේ මායා පානයන් නිර්මාණය කල යුත්තේ. නිකමට හරි වැරදි මායා පානයක් නිර්මාණය කරලා Geralt විසින් ඒක පානය කලොත් ඒ පානය විෂ වෙලා විවිධ පීඩාකාරී අතුරු ආබාධ වලට මුහුණ දෙන්නටත් Geralt ට සිදු වෙනවා. ඒ වගේම මෙම මායා පානයන් භාවිතා කිරීම නිසා Geralt ගේ ශරීරය තුල එකතු වන විෂ ඉවත් කිරීමටද ක්‍රීඩකයා කටයුතු කල යුතු යි. 🔹 ඒ වගේම මේ ගේම් එකේ Unlock කල යුතු Skill Chart එකක් තියෙනවා. මේ ගේම් එකේ ඉදිරියට යන්නනම් ක්‍රීඩකයා විසින් මේ හැකියාවන් Unlock කරගත යුතු යි. ඒ වගේම ක්‍රීඩකයා ගේ තේරීම් අනුව Story එක වෙනස් වෙන විදිහට තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තිබුනේ. ... Special Facts 🔸 මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා The Witcher නැමැති නවකතා මාලාවේ රචකයා වුනු Sapkowski ගෙන් අවසර ලබා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 9500 ක මුදලක් ඔහුට ගෙවීමටත් CD Projekt ආයතනයට සිදුවුණා. ඒ වගේම මේ ගේම් එකේ Singleplayer Campaign එක වෙනුවෙන්ම හදපු වැඩි දියුණු කරන ලද Aurora Engine එකක් තමයි මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තිබුනේ. ලෝක ප්‍රසිද්ධ Bioware සමාගම විසින් තමයි මේ Engine එක නිර්මාණය කලේ. 🔹 ඇත්තටම මේ Witcher Series එක Adults Only ගේම් Series එකක්. මේ ගේම් එක Play කරන්න නම් ඔබ අඩුම තරමින් වයස අවුරුදු දහසයක කෙනෙක්වත් විය යුතුයි. Sexual Contents හුඟක් තියෙන ගේම් එකක් නිසා කුඩා දරුවන් සඳහා මේ ගේම් එක Recommend කරන්න බැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ පවා මේ ගේම් එක තහනම් වුණා. ඒ නිසා මේ ගේම් එකේම Censored Version එකක් ඇමරිකාව වෙනුවෙන්ම Release කරන්නත් CD Projekt ආයතනයට සිදුවුණා. Enhanced Edition 🔸 2008 වසරේ සැප්තැම්බර් මාසයේදී මේ ගේම් එකේම Enhanced Edition එකක් Release වුනා. Graphics වල සහ Gameplay එකේ පොඩි වෙනස්කම් කිහිපයක් සහිතව තමයි මේ Enhanced Edition එක Release වුනේ. අලුත් චරිත වගේම අලුත් Adventures කිහිපයකුත් මේ Enhanced Edition එකට එකතු කරලා තිබුනා. ඒ වගේම Original ගේම් එකේ තිබුනු හුඟක් Bugs අයින් කරලා තමයි මේ Enhanced Edition එක නිර්මාණය කරලා තිබුනේ. එසේම Original ගේම් එකට සාපේක්ෂව ගේම් එක Load වෙන්න ගිය කාලයත් මේ Edition එකෙන් අඩු කරලා තිබුනා. 🔹 මේ Enhanced Edition එකේ Original DVD Copies මිලදී ගත් අයට DVD එකට අමතරව The Witcher : The Last Wish නැමැති කතාව ඇසුරෙන් ලියපු The Witcher නැමැති කුඩා කතා පොතක් සහ Temeria වල High Quality Paper Map එකක් ලබා දෙන්නත් CD Projekt ආයතනය කටයුතු කරලා තිබුනා. කොහොම වුනත් උතුරු ඇමරිකානු රටවල් වෙනුවෙන් මේ Enhanced Edition එකටත් වෙනම Censored Version එකක් නිර්මාණය කරන්න CD Projekt ආයතනයට සිදුවුණා. නමුත් පසුකාලයේදී Uncensored Patch එකක් මේ Enhanced Edition එක වෙනුවෙන් Release වුණා. මේ Enhanced Edition එක හදන්න CD Projekt ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් වියදම් වෙලා තිබුනා. ඒ වගේම Enhanced Edition එකේ Original DVD Copies ලක්ෂ තුනක් ලොව පුරා බෙදා හැර තිබුනා. Awards 🔸 PC RPG Of The Year, Best RPG, Best Of 2007, Best Fantasy Game Soundtrack ඇතුළු අන්තර්ජාතික සම්මාන කිහිපයක්ම දිනා ගන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒ වගේම Best Cinematic Intro Award එක සඳහා සුදුසුකම් ලබන්නත් මේ ගේම් එකට පුළුවන් වුණා. මෙවැනි සම්මාන රාශියක් දිනා ගැනීම නිසා Gratest Games Of All Time ලේඛනයට ඇතුලත් වෙන්නත් මේ ගේම් එකට අවස්තාව ලැබුනා. Console Versions 🔹 2009 වර්ෂයේදී මේ ගේම් එකම Witcher : Rise of The White Wolf යන නමින් Playstation 03 සහ XBOX 360 සඳහා නිර්මාණය කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට CD Projekt ආයතනය තීරණය කලා. ඒ වගේම Console Version එක Develop කිරීමේ කාර්යය WideScreen Games ආයතනය වෙත ලබා දෙන්නත් ඔවුන් කටයුතු කලා. Aurora Engine එක වෙනුවට DaVinci නැමැති අලුත් Engine එකක් භාවිතා කරලා තමයි මේ Console Version එක හදලා තිබුනේ. කොහොම වුනත් මුදල් ගෙවීම් සම්බන්ධව ඇතිවුනු ගැටලු සහ ගේම් එකේ Quality එක සම්බන්ධව දෙපාර්ශවය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමඟ නවතා දමන්නට CD Projekt ආයතනය අවසානයේදී තීරණය කලා. Witcher Remastered 🔸 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී මේ ගේම් එක ඇසුරින් නිර්මාණය වන The Witcher : Remake නැමැති ගේම් එක පිලිබඳව CD Projekt ආයතනය විසින් මුල්වරට කරුණු නිවේදනය කලා.

Parents Guide

    System Requirements

  • 🔸Processor Core 2 Duo 2.2 GHZ
  • 🔹Ram 02 GB
  • 🔹VGA Geforce 7900 GTX 256 MB
  • 🔹Sound Card Direct X 9.0C
  • 🔹OS Windows 7
  • 🔹Space 9 GB
  • Platform:PC Only [ Windows]
  • Rating: 17 / 232 times

  • Parents Guide

    • No Sexual Contents
    • IMDb Rating - 17+ [ Blood & Violence ]- [ Strong Sexual Contents ] - [ Nudity ] [ Alcohol & Drugs ]- [ Bad Language ]
    • ESRB Rating - 17+ [ Blood & Violence ]
      [ Strong Language ]
    • SL Gamehub Rating - 16+

Reviews