Release
WWE 2K15
🔸WWE 2K Series එකේ දෙවෙනි ගේම් එක විදිහටත් WWE Series එකේ දහසය වෙනි ගේම් එක විදිහටත් තමයි මේ ගේම් එක Release වුනේ. WWE 2K14 කියන ගේම් එක Release වෙලා අවුරුද්දකට පස්සේ තමයි මේ ගේම් එක Release වුනේ. ඒ වගේම PC වලට Release වුනු පලවෙනි WWE 2K ගේම් එක වගේම 2002 වර්ෂයේදී Release වුනු WWF RAW ගේම් එකට පස්සේ PC වලට Release වුනු පලවෙනි Original WWE ගේම් එක වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. 🔸ඒ වගේම Career Mode එකක් තිබුනු පලවෙනි WWE 2K ගේම් එක වගේම 2010 වර්ෂයේදී නිකුත් වුනු WWE SmackDown Vs Raw ගේම් එකට පස්සේ Career Mode එකක් තිබුනු පලවෙනි WWE ගේම් එක වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. 🔹Playstation 03 සහ XBOX 360 වලට තමයි මේ ගේම් එක ඉස්සෙල්ලම Release වුනේ. ඊට පස්සේ තමයි Playstation 04 සහ XBOX One වලට Release වුනේ. ඒ වගේම Playstation 03 Version එක Release වෙලා මාස හයකට පස්සේ තමයි PC Version එක Release වුනේ. WWE 2K14 ගේම් එකට සාපේක්ෂව වෙනස්කම් කිහිපයක් සහිතව තමයි මේ ගේම් එක නිර්මාණය කරලා තිබුනේ. ඇත්තටම Professional Wrestling Category එක අලුත්ම Level එකකට අරගෙන ගිය ගේම් එකක් තමයි WWE 2K15 කියන්නේ. Gameplay 🔸World Wrestling Entertainment [ WWE ] ආයතනය මඟින් සංවිධානය කරන Wrestling තරඟ සඳහා සහභාගි වන සැබෑ ක්‍රීඩකයින්ව ඇතුලත් කරලා තමයි මේ ගේම් එක නිර්මාණය කරලා තිබුනේ. ඒ වගේම සැබෑ ක්‍රීඩකයින්ගේ චලනයන් සහ පහරවල් භාවිතා කරමින් ප්‍රතිවාදීන්ට පහරදීමේ අවස්තාවත් මේ ගේම් එක හරහා ක්‍රීඩකයාට හිමිවුණා. 🔹ඒ වගේම Gameplay Quality එක වැඩිකිරීමේ අරමුණින් WWE 2K14 ගේම් එකේ නොතිබුණු අලුත්ම Chain Grapple System එකක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. Headlock, Wristlock සහ Waistlock කියන සටන් ක්‍රම ඇසුරෙන් තමයි මේ Chain Grapple System එක නිර්මාණය කරලා තිබුනේ. ඒ වගේම කොටස් තුනකින් සමන්විත වුනු අලුත් Stamina Bar එකකුත් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. Campaign, Characters & Places 🔸ඒ වගේම John Cena තමයි මේ ගේම් එකේ Cover Image එකේ හිටියේ. මේ ගේම් එකේ Story Mode එක ප්‍රධාන කොටස් දෙකකට වෙන්කරලා තිබුනා. 🔹2K Showcase 🔸My Career ... 🔹WWE ඉතිහාසයේ සිදුවුනු සත්‍ය සිදුවීම් ඇසුරින් තමයි මේ Showcase Mode එක නිර්මාණය කරලා තිබුනේ. WWE ඉතිහාසයේ පැවති තරඟ ඒ අයුරින්ම ක්‍රීඩා කිරීමේ අවස්තාව මේ ගේම් Mode එක හරහා ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. මේ Showcase Mode එකට තරඟ තිස් තුනක් ඇතුලත් වෙලා තිබුනා. මේ තරඟ තිස් තුන ප්‍රධාන කතාංග දෙකකට වෙන්කරලා තමයි මේ Showcase Mode එක හදලා තිබුනේ. 🔸CM Punk සහ John Cena අතර 2011 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා පැවති ගැටුම් ඇසුරින් නිර්මාණය කල Hustle, Loyalty, Disrespect නැමැති කතාංගයට තරඟ දහ නවයක් ඇතුලත් කරලා තිබුනා. ඒ වගේම Triple H සහ Shawn Michaels අතර 2002 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා පැවති ගැටුම් ඇසුරින් නිර්මාණය කල Best Friends, Bitter Enemies නැමැති කතාංගයට තරඟ දහ හතරක් ඇතුලත් කරලා තිබුනා. මෙම Showcase Mode එක සාර්ථකව අවසන් කිරීම හරහා නව සටන් භූමි, නව ක්‍රීඩකයින් සහ නව ඇඳුම් කට්ටල Unlock කරගැනීමේ හැකියාව ක්‍රීඩකයාට හිමිවුණා. ඇත්තටම මේ ගේම් එක තමයි CM Punk හිටපු අවසාන WWE ගේම් එක වුනේ. 🔹ඒ වගේම පසුකාලයේදී Release වුනු DLC Packs හරහා තවත් කතාංග තුනක් මේ Showcase Mode එකට එකතු වුනා. Christian සහ Randy Orton අතර 2011 වර්ෂය පුරාවට පැවති ගැටුම් ඇසුරින් නිර්මාණය කල One More Match නැමැති කතාංගය, 2011 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා Mark Henry සහභාගි වූ තරඟ ඇසුරින් නිර්මාණය කල Hall Of Pain කතාංගය සහ 1980 දශකයේදී ඉමහත් ජනප්‍රියත්වයට පත්වුනු Ultimate Warrior ඇසුරින් නිර්මාණය කල Path Of Warrior නැමැති කතාංගය මෙම DLC Packs හරහා Showcase Mode එකට ඇතුලත් කරලා තිබුනා. My Career Mode 🔸තමන් කැමති ආකාරයේ චරිතයක් නිර්මාණය කර එම චරිතය යොදා ගනිමින් තරඟ වලට සහභාගි වීමේ අවස්තාව My Career Mode එක හරහා ක්‍රීඩකයින්ට හිමිවුණා. මෙම චරිතය යොදා ගනිමින් NXT තරඟ ජයග්‍රහණය කිරීම තමයි ක්‍රීඩකයින්ට ලැබුනු මුල්ම අභියෝගය වුනේ. මෙසේ ලැබෙන සියලු තරඟ ජයග්‍රහණය කරමින් Wrestlemania තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම තමයි ක්‍රීඩකයින්ට ලැබුණු ප්‍රධානම අභියෝගය වුනේ. 🔹ක්‍රීඩකයා විසින් ගනු ලබන තීරණ සහ කරනු ලබන ක්‍රියාවන් Story එකේ ඉදිරියට බලපාන විදිහට තමයි මේ My Career Mode එක නිර්මාණය කරලා තිබුනේ. නීති රෙගුලාසි වලට අනුකූලව සටන් කරන Fan Favourite චරිතයක් නිර්මාණය කිරීමටත්, නීති විරෝධීව සටන් කරන Bad Guy චරිතයක් නිර්මාණය කිරීමටත් මේ Career Mode එක හරහා ක්‍රීඩකයාට අවස්තාව හිමිවුණා. කොහොම වුනත් මේ My Career Mode එක Playstation 03 සහ XBOX 360 Versions වලට ඇතුලත් කරලා තිබුනේ නෑ. ඒ වෙනුවට Who Got NXT කියන Mode එක තමයි Playstation 03 සහ XBOX 360 Versions වලට ඇතුලත් කරලා තිබුනේ. 🔸Neville, Bo Dallas, Corey Graves, Rusev සහ Sami Zayn කියන චරිත අතරින් තමන් කැමති චරිතයක් තෝරාගෙන මේ Who Got NXT කියන Mode එක ක්‍රීඩා කිරීමේ අවස්තාව Playstation 03 සහ XBOX 360 ක්‍රීඩකයින්ට ලබා දීලා තිබුනා. මේ Mode එක සාර්ථකව අවසන් කල විට Proving Ground නැමැති අලුත් Mode එකක් Unlock වෙන විදිහට තමයි මේ Playstation 03 සහ XBOX 360 Versions නිර්මාණය කරලා තිබුනේ. ඉහත සඳහන් කල චරිත අතරින් තමන් කැමති චරිතයක් තෝරාගෙන John Cena සමඟ තරඟ කර විනාඩි තිහකට අඩු කාලයකින් John Cena ව පරාජය කිරීම තමයි මේ Proving Ground Mode එක හරහා ක්‍රීඩකයාට ලැබුනු අභියෝගය වුනේ. PS3 & XBOX 360 Versions කොහොම වුනත් මේ ගේම් එකේ Playstation 03 සහ XBOX 360 Versions විශ්ලේෂණය කරපු හැමෝම වගේ කිව්වේ මේ Versions නිසා මේ ගේම් එකේ Quality එකට ලොකු හානියක් වුණා කියලයි. ඒ වගේම මේ Playstation 03 සහ XBOX 360 Versions වලට Negative Reviews තමයි හුඟක්ම ලැබුනේ. PC Version 🔹තමන් කැමති ආකාරයේ චරිත 25 ක් නිර්මාණය කරගැනීමේ අවස්තාව මේ ගේම් එකේ Playstation 04 සහ XBOX One Versions හරහා ක්‍රීඩකයින්ට ලබා දීලා තිබුනා. කොහොම වුනත් මේ ගේම් එකේ PC Version එකට නිකුත් කල Updates හරහා මේ චරිත සංඛ්‍යාව චරිත 50 ක් දක්වා වැඩි කරගැනීමේ අවස්තාව PC ක්‍රීඩකයින්ට ලබා දෙන්නත් Yuke's ආයතනය තීරණය කලා. ඒ වගේම Playstation 04 සහ XBOX One වලට Release කරපු හැම DLC Pack එකක්ම PC Version එකට ඇතුලත් කරලා තමයි PC Version එක Release කරලා තිබුනේ. [ PC Version එකේ Paige හිටියේ නෑ ] කොහොම වුනත් මේ PC Version එකේ Original DVD Copies නම් කොහෙවත් නෑ. PC Version එක Steam එක හරහා පමණක් බෙදාහැරීමට 2K ආයතනය කටයුතු කර තිබීම ඊට හේතුවයි. Special Facts 🔸 මේ ගේම් එකට ඇතුලත් කර තිබූ චරිත වල පෙනුම සැබෑ චරිතයන්හි පෙනුමට ඉතාමත් ආසන්න වන සේ ලබා ගැනීම සඳහා NBA 2K14 ගේම් එකේ චරිත නිර්මාණය කිරීම සඳහා භාවිතා කල Face & Body Scanning තාක්ෂණය යොදාගන්නත් මේ ගේම් එකේ Developer Team එක තීරණය කලා. එසේම නිවැරදි චලනයන් Gameplay එකට ඇතුලත් කිරීම සඳහා Motion Capture නැමැති තාක්ෂණය භාවිතා කරන්නත් මේ ගේම් එකේ Developer Team එක තීරණය කලා. මේ සඳහා Wrestling ක්‍රීඩාවේ නිරත වන සැබෑ ක්‍රීඩකයින් යොදාගෙන සැබෑ WWE වළල්ලක් තුල දවස් හතලිහක කාලයක් පුරාවට චලනයන් රූගත කරන්නත් ඔවුන්ට සිදුවුණා. එසේම නිවැරදිම ශබ්දයන් Gameplay එකට ඇතුලත් කිරීම සඳහා මෙම වළල්ල තුල සිදුවූ සෑම චලනයකම ශබ්දය පටිගත කරන්නත් ඔවුන්ට සිදුවුණා. 🔹ඇත්තටම WWE 2K14 ගේම් එකට වඩා පස් ගුණයක සජීවීකරණ දත්ත [ Animation Data ] මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. ඒ වගේම මේ ගේම් එකේ Commentary සඳහා සැබෑ WWE තරඟවල විස්තර විචාරනයේ යෙදෙන Michael Cole ව සහ Jerry Lawler ව තමයි තෝරාගෙන තිබුනේ. මෙම විස්තර විචාරන දෙබස් පටිගත කිරීම සඳහා පැය තිහකට අධික කාලයක් ගත වෙලා තිබුනා. 🔸ඇත්තටම John Cena විසින් තමයි මේ ගේම් එකේ Soundtrack එක අධීක්ෂණය කලේ. මේ ගේම් එකේ Soundtrack එකට ඇතුලත් විය යුතු Songs සහ Music Tracks තේරීමේ කටයුතු භාර වුනෙත් ඔහුටමයි. ඒ වගේම පිටපත් විසි පන්දහසකින් සමන්විත වුනු Collector's Edition එකක් Playstation 04 සහ XBOX One වෙනුවෙන් නිකුත් කරන්නත් 2K ආයතනය කටයුතු කලා. මේ Collector's Edition එකට Hulk Hogan ගේ අත්සන සහිත ඔහුගේ ඡායාරූපයක් ඇතුළු තවත් විශේෂාංග කිහිපයක්ම එකතු කරලා තිබුනා. Downloadable Contents 🔹කලින් සඳහන් කල DLC Packs වලට අමතරව NXT Arrival Pack, New Moves Pack, WCW Pack, Hulk Hogan Pack ඇතුළු තවත් DLC Packs කිහිපයක්ම මේ ගේම් එකේ Playstation 04 සහ XBOX One Versions සඳහා Release වුනා. කොහොම වුනත් Hulk Hogan සමඟ ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් 2015 වර්ෂයේ ජූලි 27 වෙනිදා සිට Hulk Hogan Pack එක Playstation Network එකෙන් සහ XBOX Games Store එකෙන් ඉවත් කරන්නත් 2K ආයතනය කටයුතු කරලා තිබුනා. Sales 🔸2015 වර්ෂය අවසන් වනවිට මේ ගේම් එකේ Original Copies මිලියන තුනකට වඩා වැඩි ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා.